නාගරික සංවර්ධන අධිකාරිය මෙගා පොලිස් යටතට

    September, 22, 2015

    පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති නාගරික සංවර්ධන අධිකාරිය වර්තමාන රජය යටතේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

    මෙහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.

    ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශ වලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් අද නිකුත් කර ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක විය.

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව අයත්වේ.