නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක් කොළඹ විශ්වවිද්‍යාලයට

    September, 12, 2023

    නාරාහේන්පිට කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761 ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, එම මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.