නැගී එන කෘෂි ව්‍යාපාරය ලෙස ‘‘ෆැඞ්නා’’ පිදුම් ලබයි

    September, 1, 2015

    National Agri-Business Council මගින් සංවිධානය කළ Agri Business Award 2015 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ෆැඞ්නා නිෂ්පාදන වෙනුවෙන් ෆුඞ් ඇන්ඞ් නේචර් සමාගම වසරේ නැගී එන විශිෂ්ටතම කෘෂි ව්‍යාපාරය වෙනුවෙන් වූ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ෆුඞ් ඇන්ඞ් නේචර් සමාගමේ වෙළද අංශ ප‍්‍රධානි කෙවින් රාජපක්ෂ මහතා විසින් එම සම්මානය ලබාගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

    2013 සහ 2014 වසර වලදීද මෙම සම්මාන උළෙලේදී රන් සම්මාන වලින් පිදුම් ලැබූ ෆැඞ්නා මෙවර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ පිට පිට තෙවන වරටයි. වසරේ නැගී එන විශිෂ්තම කෘෂි ව්‍යාපාරය වෙනුවෙන් වූ මෙම රන් සම්මානය පිරිනැමීම සදහා අලෙවිකරණයේ ප‍්‍රවණතාවයන්, නිෂ්පාදන වල ගුණාත්මක බව නවින, සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම නව නිෂ්පාදනයන් සහ අපනයන සංවර්ධනය යන අංශයන් රැසක් සංවිධායක මණ්ඩලය විසින් ඇගයීමට ලක්කර තිබුණි.

    සොබාදහමෙන් ලැබුනු අපේ උරුමයන් නවීන තාක්ෂණය සමග මුසු කොට ස්වාභාවික යහගුණයන් එලෙසින්ම රැකගනිමින් ආශ්වාදනීය තේ පානයන් ෆැඞ්නා නාමයෙන් වෙළඳපොළට නිකුත් කරයි. ෆැඞ්නා ඩයබ් ටී, ෆැඞ්නා ෂේප් අප් ටී ,ෆැඞ්නා ග‍්‍රීන් ටී,ෆැඞ්නා ටමී ටී ඇතුලූ නිෂ්පාදන රැසක් මේ වන විට විශ්වාසනීය නිෂ්පාදන ලෙස පාරිභෝගියන් අතර ජනප‍්‍රියව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ තාක්ෂණයට අනුව පිළිගත් ප‍්‍රමිතීන් ආරක්ෂා කරමින් ISO හා HACCP සහතිකලත් කර්මාන්තශාලාවක ෆැඞ්නා නිෂ්පාදනයන් නිපදවනු ලබන අතර ශ‍්‍රි ලංකා ප‍්‍රමිති කාර්යාංශය මගින් පිරිනමා ඇති සෞඛ්‍යාරක්‍ෂණ පිළිබඳ GMP සහතිකය ඇතුළු තත්ත්ව සහතික මගින් ඒ බව තවදුරටත් තහවුරු කරනු ලබයි. එමෙන්ම සියලූ ෆැඞ්නා නිෂ්පාදනයන් ඖෂධීය පානයන් ලෙස ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද නිර්දේශ කර තිබෙන අතර මාලදිවයින නෙදර්ලන්තය කැනඩාව ඇතුලූු රටවල් ගණනාවකටද ෆැඞ්නා නිෂ්පාදන අපනයනය කරනු ලබයි.