නැචුරලි සිලෝන් වෙතින් ශ්‍රී ලාංකේය ලලනාවන්ගේ රුව වඩන  නවීන සහ පරිපූර්ණ ආයුර්වේදීය නිෂ්පාදන පෙළක්

    June, 15, 2023

    කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන නැචුරලි සිලෝන් විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සුන්දරත්වය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි. කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරුන් වන සී. එස්. එස්. ද සිල්වා සහ නිහාල් ද සිල්වා විසින් නැචුරලි සන්නාමය ප්‍රථම වරට 1986 වසරේදී දියත් කරන ලද අතර නැචුරලි සිලෝන් සමාගම ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩවම නව්‍යකරණය වෙමින් නව නිෂ්පාදන හඳුන්වාදීම සිදුකරනු ලබයි.

    කාර්යබහුල ජීවන රටාවක් මධ්‍යයේ ශ්‍රී ලාංකේය කාන්තාවන් තම සුන්දරත්වය රැකගැනීමේදී මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් දියත් කර ඇති මෙම පුළුල් නිෂ්පාදන පෙළ අතරට කැප්සියුල් නිෂ්පාදන පෙළක් ද එළිදක්වා තිබේ. ඊට Gotukola Capsule, Karapncha & garlic Capsule, Karavila Capsule, Moringa Capsule, Pitawakka Plus Capsule, Walpenela Capsule, Cinnamon Capsule සහ Termeric Capsule වශයෙන් විවිධ වර්ගවල කැප්සියුල ඇතුළත් වේ. නවීන තාක්ෂණය සාම්ප්‍රදායික ආයුර්වේදීය දැනුම සමඟ සම්මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇති මෙම කැප්සියුල අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයීම සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

    හිසකෙස් රැකවරණය වෙනුවෙන් හඳුන්වා දී ඇති නැචුරලි නිෂ්පාදන පෙළට කේෂාරූ Shampoo, Conditioner සහ Nurishing Hair Oil යන නිෂ්පාදන අයත් වන අතර පරම්පරා ගණනාවක් විශ්වාසය දිනූ ආයුර්වේද ඖෂධ ගණනාවක සම්මිශ්‍රණයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදන නිරෝගී සහ දීප්තිමත් කෙස් කළඹක් කාන්තාවන් හට හිමි කර දෙනු ඇත.

    නැචුරලි විසින් හඳුන්වාදෙන පරිපූර්ණ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළට සම රැකවරණය වෙනුවෙන් නිර්මාණය කර ඇති නිෂ්පාදන පරාසයක් ද අයත් වන අතර ලෝෂන්, ක්‍රීම් සහ ෆේස්වොෂ් නිෂ්පාදන ඊට අයත් වෙයි. සමට අත්‍යවශ්‍ය සජලනය සහ පෝෂණය ලබාදෙන ලෝෂන් නිෂ්පාදන අතරට Rose Moisturising Body Lotion සහ Venivel & Wild Turmeric Body Lotion  අයත් වන අතර ක්‍රීම් නිෂ්පාදන පෙළට Kunkumadi Cream, Liqorice Night Cream, Venivel & Wild Turmeric Mud Pack සහ Pigmentation Cream ඇතුළත් වේ. රළු හිරු එළියෙන් සහ පාරිසරික අපද්‍රව්‍යවලින් සම ආරක්ෂා කරන මෙම ක්‍රීම්වල ආරක්ෂිත සහ පෝෂණ ගුණ සඳහා ප්‍රසිද්ධ ඖෂධ සාරය භාවිතා කරනු ලබයි.

    සම ආරක්ෂණය සම්පූර්ණ කරන නැචුරලි ෆේස්වොෂ්, ක්ලෙන්සර්, ටෝනර් සහ ස්ක්‍රබ් නිෂ්පාදන පෙළට සම මෘදු ලෙස පිරිසිදු කර, ප්‍රබෝධමත් කරන Venivel & Wild Turmeric Facewash, Venivel & Wild Turmeric Cleanser, Venivel & Wild Turmeric Toner සහ Venivel & Wild Turmeric Scrab ඇතුළත් වේ.

    සියලු‍ම නැචුරලි නිෂ්පාදන කෘතීම අන්තර්ගතයන්, කල් තබා ගන්නා ද්‍රව්‍ය හෝ වර්ණකවලින් තොර ස්වභාවික ශාකසාර සාරය භාවිතයෙන් ඉතා නවීන ලෙස නිෂ්පාදනය කර ඇත. නැචුරලි සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය අති නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇත. පුහුණුව ලත් වෛද්‍යවරයකු නිෂ්පාදන ක්‍රියාවලිය පූර්ණ වශයෙන් අධීක්‍ෂණය කරන අතරම අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහතික කිරීම වෛද්‍යවරුන් සහ රසායන විද්‍යාඥයින් කණ්ඩායමක් අතින් නිරන්තරයෙන්ම සිදු කෙරෙයි. නැචුරලි නිෂ්පාදන ඇසුරුම් කිරීමට පෙර වෘත්තීයමය ප්‍රවීණයින් විසින් තව දුරටත් තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරනු ලැබේ.

    නැචුරලි හි ඖෂධීය රූපලාවන්‍ය සත්කාර සහ සම ආරක්ෂණ නිෂ්පාදන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ලබා ඇත. සමාගමේ නිෂ්පාදන ඒකකය ආයුර්වේද ඔසුසලක් ලෙස ලියාපදිංචි කර ඇති අතර දැඩි තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන සිදු කිරීම සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් GMP සහ HCCP සහතික ලබාගෙන ඇත.

    නැචුරලි සිලෝන් සමාගම ශ්‍රී ලාංකේය කාන්තාවන්ට ඔවුන්ගේ ස්වභාවික සුන්දරත්වය ඔප් නංවන නව ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ තුළින් දායාද කෙරෙන පරිවර්තනීය බලය අත්විඳීමටත් ආරාධනා කර සිටියි.

     

    ඡායාරූපය - (වමේ සිට දකුණට) SGS Lanka හි ශ්‍රී ලංකා කළමනාකරු චාමික විමලසිරි මහතා, ඖෂධ ලංකා පෞද්ගලික සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු දර්ශන ඩයස් මහතා, ඖෂධ ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආයුර්වේද වෛද්‍ය ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා