නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ වැදගත්කම Huawei අවධාරණය කරයි

    September, 23, 2016

    - ශ්‍රී ලංකාවේ වෙළඳ පළ ව්‍යාප්තිය සඳහා ආයෝජන රැසක් සමඟ ඒකායන අරමුණක්

    - නව උප ප්‍රාදේශිය කාර්යාල 3ක් විවෘත කරයි

    ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei ශ්‍රී ලංකාව තුළ වෙළඳ පළ ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් එළිදක්වයි. කොළඹ Huawei ප්‍රධාන කාර්යාලයේදී පැවති Huawei තාක්ෂණ දිනයේදී මෙම සැලසුම් එළිදැක්වීම සිදුකෙරිණ. Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අනුරාධපුර, මහනුවර සහ ගාල්ල යන නගර වල නව උප ප්‍රාදේශිය කාර්යාල 3ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අවධාරණය කෙරිණ. මෙම ප්‍රාදේශීය කාර්යාල මඟින් Huawei නිෂ්පාදන බෙදාහැරීම, පාරිභෝගික සේවා, සහ මෙහෙයුම් ආදිය සිදු කිරීමට අපේක්ෂිත ය.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේ 2016 වසර තුළදී Huawei සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරන බවයි. මේ වනවිටත් Huawei පසුගිය වසරේදී මෙන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කලේය. GFK Q3 2016 වාර්තා වලට අනුව Huawei වෙළඳ පළ වර්ධනය 24.4% ක් බවත්, ශ්‍රී ලංකාවේ අංක දෙකේ ස්මාර්ට්ෆෝනය වන Huawei ඉන් ඉදිරියට ගමන් කිරීම වේගවත් කර ඇති බවත් හෙන්රි ලියු මහතා පවසයි.

    වෙළඳ පළ විශ්වාසය දිනා ගැනීමේ දී Huawei හි සාර්ථකත්වයට මූලික හේතුව නිෂ්පාදනවල ගුණාත්මකභාවය බව හෙන්රි ලියු මහතා පෙන්වා දෙයි.පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය මඟින් නව නිෂ්පාදන බිහිකිරීම පිළිබඳ Huawei නිරතුරුවම අවධානය යොමු කරන බවත්, එහිදී නවීන තාක්ෂණය පිළිබඳ යාවත්කාලීන වන බවත් හෙතෙම සඳහන් කළේය. දේශියවත් ජාත්‍යන්තරවත් Huawei සාර්ථකත්වයට පත්වීමට බලපා ඇති කාරණාව වන්නේ එම ක්‍රියාවලිය බව ද හෙන්රි ලියු මහතා සඳහන් කරයි.සියලුම පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් නිෂ්පාදනයක් ලබාදීම සඳහා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියට Huawei අඛණ්ඩව ආයෝජනය කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.