August, 25, 2023
මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර පහත සදහන් සබැඳි හරහා ප්‍රවේශ විය හැකිය.
https://www.cbsl.gov.lk/authorized-financial-institutions
https://www.dfe.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=513&lang=en
මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.
තවද, එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස හෝ ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.
Video Story