නුවරඑළියේ CeyBank Rest අවුරුදු 50කට බදු දෙයි

    November, 21, 2023

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් නුවරඑළිය එලිසබෙත් රැජින මාවතේ පිහිටි පැරණි සී බෑන්ක් රෙස්ට් (CeyBank Rest) ගොඩනැගිල්ල හා ඉඩම නැවත සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගෙන් තරගකාරී ආයෝජන යෝජනා කැඳවා ඇත.

    ඉදිරිපත් වූ යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අදාළ දේපළ වසර 50ක බදු කාලසීමාවක් සඳහා කොලොනියල් ප්‍රොපටීස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.