නොරිටාකේ සභාපති ජනපති හමුවෙයි

    October, 30, 2015

    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ 2015 වසරේ සිය නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය ජනපතිට පිළිගන්වයි

    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම පිගන් කෝප්ප කට්ටලයක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    නොරිටාකේ සමාගම සෑම වසරකම සිදුකරන සිය නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලබයි.

    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ සභාපති ටඩාෂි ඔගුරා (Tadashi Ogura), උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ යොෂනරි ෂීමායා, එම සමාගමේ උපදේශක නිමල් පෙරේරා යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)