නොවැම්බර් මාසයේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 884 කින් අඩුවෙලා

    December, 11, 2018

    2018 නොවැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,018.38 ක් ලෙසින් වාර්තා වේ.

    මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,903.31 ක්වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 884.93 කින් නොවැම්බර් මාසය තුළ දී අඩු වී තිබීමයි.

    ඔක්තෝබර් මාසය අවසානයේ දී සමස්ත සංචිත වත්කම්වලින් ඩොලර් මිලියන 7,052.69 ක් විදේශ විනිමය වශයෙන් පැවති අතර මෙය නොවැම්බර් මාසය අවසානයේ දී සටහන් වූයේ ඩොලර් මිලියන 6,164.04 ක් ලෙසිනි.

    මේ අනුව නොවැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 888.65 කින් පහළ ගොස් තිබේ.