නොවැම්බර් මුල් දින 5 තුළ සංචාරකයින් 22,202ක් ලංකාවට

    November, 7, 2023

    2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 22,202ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.

    ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,147,657ක් ලෙසයි.

    නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,491ක්.

    මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි ඇත.