පරාර්ථය සහ පරිත්‍යාගය තුළින් කෝවිඞ් වසංගතය පැරදවිමට මේ උතුම් වෙසක් සමයේදී ප‍්‍රයිම් සමූහයත් එක් වෙයි

    June, 2, 2021

    ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප‍්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර දෙකක් ^ Non-invasive Ventilators&  ගම්පහ දිස්ක‍්‍රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි. කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී ලාංකිකයින්ගේ උපකාරය රජය විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී කඩිනමින් මෙම කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍රයන් ලබා දීමට ප‍්‍රයිම් සමූහය පියවර ගැණින.

    ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් සැරසිලි සහ මිල අධික වෙසක් උත්සව පැවැත්වීම වෙනුවට නිවෙස්ගතව සිටින මේ කාලයේදී බුද්ධ දේශනාවෙහි සැබෑ වටිනාකම අරුත් ගන්වන පරාර්ථය, දයානුකම්පාව සහ පරිත්‍යාගයට මුල් තැනක් දෙමින් රටත් , රට වැසියනුත් මෙම කෝවිඞ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට පරිත්‍යාගශීලී ශ‍්‍රී ලාංකිකයින් පෙරට එතැයි ප‍්‍රයිම් සමූහය අපේක්ෂා කරයි.

    ප‍්‍රයිම් සමූහය විසින් පරිත්‍යාග කරන ලද කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර යුගලය මැයි 21වන දින ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහලේ වෛද්‍ය සසංක වෙඩිසිංහ මහතා වෙත භාර දීම ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර මේ අවස්ථාවට ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ කළමණාකරන සාමාජිකයෝ රැසක් සහභාගී වූහ. ප‍්‍රයිම් සමූහය විසින් පරිත්‍යාග කළ මෙම නව කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර දෙක සමග ගම්පහ මහරෝහල සතු කෘත‍්‍රිම ශ්වසන ප‍්‍රතිකාර ඒකකයේ ධාරිතාව හයක් දක්වා වැඩි වන බැවින් කෝවිඞ් වැළඳීමෙන් ශ්වසන අපහසුතා සහිතව දැඩි සත්කාර ඒකකයන් වෙත රැගෙන එන රෝගීන් වැඩි පිරිසකගේ ජීවිත බේරා ගන්නට මෙම යන්ත‍්‍රයන් මහෝපකාරී වනු ඇත.

    ‘‘ බුද්ධ දේශනාවෙහි සඳහන් පරාර්ථය සහ සහනුකම්පාව සියලූ දෙනා වෙත පතුරුවමින් එම උදාර ගුණ දම් මතු පරපුරට රැගෙන යන්නට ඇති ප‍්‍රශස්තම අවස්ථාව වෙසක් සමය බව මගේ විශ්වාසයයි. ප‍්‍රයිම් සමූහය ලෙසින් අපි හොඳ ක‍්‍රියාවක ප‍්‍රතිඵලය සහ එහි ප‍්‍රතිලාභය ද යහපත් වන බව තරයේ විශ්වාස කරන සත්‍යක්. කෝවිඞ් වසංගතයෙහි තෙවන රැල්ලට මුහුණදී සිටින අප අන් කවර අවස්ථාවකටත් වඩා දැඩි ජීවිත අවදානමකට පත් ව සිටින අතර මෙම නව කෝවිඞ් ප‍්‍රභේදය මගින් ශ්වසන අපහසුතාවන් සහිතව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමක් තෙක් ළ`ගාවෙමින් තිබෙනවා. මෙම තත්වය තුළ ශ්‍රී ලාංකීය සමූහයක් ලෙස කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා දීම සඳහා අපට ලබා දිය හැකි පරිත්‍යාගය නොමසුරුව කඩිනමින් ලබා දීමට අපට අවශ්‍ය වුනා. මේ අනුව ගම්පහ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා අවශ්‍ය කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර දෙකක් ලබා දෙමින් අසාධ්‍ය කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්යමණ්ඩල දරන අපමණ කැපවීමට අපගේ දායකත්වයද එක් කිරීමට හැකිවුනා. පුරා වසර 25කට වැඩි කාලයක් මිහිකතෙන් හොඳම තැනක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීම පෙරදැරිව නිවාස හා දේපළ ක්ෂේත‍්‍රයේ නියැළුණු ප‍්‍රයිම් සමූහය මේ අවිනිශ්චිත කාලය තුළදීත් කෝවිඞ් වසංගතයෙන් ලක් වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඉදිරියේදීත් ලබා දිය හැකි සෑම උපකාරයක්ම කිසිදු පැකිලීමකින් තොරව ලබා දෙන බව අවධාරණය කිරීමට කැමතියි’’.

    ‘‘ප‍්‍රයිම් සමූහය මෙන් තවත් බොහෝ පරිත්‍යාගශීලීන් කෝවිඞ් වසංගතයට එරෙහි සටනට එක් වනු ඇති බව මට විශ්වාසයි’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතා පැවසීය.