පවතින ආර්ථික අභියෝගයන් මධ්‍යයේ සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන්ට ඉහළම වටිනාකම් ලබා දෙමින් සිය ස්ථාවරය පවත්වා ගනී

    May, 29, 2023

    පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම පාර්ශ්වකරුවන් සඳහා වන කැපවීම තව දුරටත් ශක්තිමත් කරන ලදී' දිගු කාලීන ආර්ථික පසුබෑම හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට සහාය දැක්වීමට බැංකුව පියවර ගන්නා ලද අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ ආචාර ධර්මවලට එකඟව තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ණය ආපසු ගෙවීමේ විකල්ප සැලසුම් අඛණ්ඩව ඉදිරිපත් කරන ලදී' එසේම බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මුදල් ලාභාංශය වන කොටසක් සඳහා රු'3'45 ක් වන මුදල් ලාභාංශයක් ද කොටසක් සඳහා රු' 1'15 ක් වන කොටස්කර ලාභාංශයක් ද තම කොටස් හිමියන් වෙත නිකුත් කිරීමට සම්පත් බැංකුවට හැකි විය' මීට අමතරව සිය 'වැවට ජීවයක් වැඩසටහන සහ කොරල් පර ප්‍රතිසංස්කරණය" කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය" කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතීන් ඇතුළත්  ‘සයුරට හුස්මක්’ යන වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් සම්පත් බැංකුව සිය සමාජීය වගකීම් සඳහා සක්‍රියව දායක වන ලදී' මීට අමතරව සාර්ථකව නිම කරන ලද  ‘හල්ගහවල’ වන සංරක්ෂණ ව්‍යාපෘතිය අවසාන කිරීමෙන් පසුවද එය සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව සහයෝගය දක්වමින් පාරිසරික ස්ථායීතාව රැක ගැනීමට සම්පත් බැංකුව කැපවීමෙන් කටයුතු කරන ලදී.

    2023 වසරේ පෙබරවාරි මසදී අතිසාර්ථක ණයකර නිකුතුවක් මඟින් රුපියල් බිලියන 10ක් වූ දෙවන පෙල ප්‍රාග්ධනයක් රැස් කරගැනීමට බැංකුව සමත්වූ අතර එය පළමු දිනයේදීම අධි දායකත්වයක් ලබා ගැනීම තුළින් සම්පත් බැංකුව සතු ස්ථාවරභාවය හා මනා කළමනාකාරීත්වය පිළිබඳ ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු විය. ඉහත පරිදි රැස්කරගත් ප්‍රාග්ධනය හේතුවෙන් රටේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස තවදුරටත් කැපී පෙනීමට සම්පත් බැංකුවට හැකි වනු ඇත.

    2023 වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වන පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.5ක බදු පෙර ලාභයක්ද රුපියල් බිලියන 2'6ක් වූ බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් වූ අතර එය 2022 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙලින් 30.5% ක හා 44.3% ක පහත වැටීමකි' මේ සඳහා කාර්තුව තුලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 39කින් අධිප්‍රමාණය වීම හේතුවෙන් විදේශ මුදල් සංචිත මත ඇති වූ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර අනෙකුත් සියලුම ආදායම් පෙර වසරේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ඉහල ගොස් ඇත.

    සම්පත් බැංකුව හා සමූහය 2022 පළමු කාර්තුව හා සැසඳීමේදී 2023 පළමු කාර්තුව සඳහා වාර්තා කළ මූල් ප්රතිඵල

    =සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR ) වර්ධනය වීමත් සමඟම ඉහළ ශුද්ධ ණය ආදායමක් වාර්තා කිරීම

    =වෙළෙඳ මෙහෙයුම් ^Trade Related Operations& මූලික කරගනිමින් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 19% කින් ඉහළ යාම

    =2023 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකා රුපියල, රුපියල් 39කින් අධිප්‍රමාණය වීම හේතුවෙන් විනිමය ආදායම රුපියල් බිලියන 10'9කින් පහත වැටීම' (2022 වසරේ පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 93'75කින් අවප්‍රමාණය විය).

    =ණය හා අත්තිකාරම් සඳහා අපහායන ප්‍රතිපාදන 27% කින් ඉහළ යාම

    =ඉහළ යන උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් මෙහෙයුම් වියදම් 22% කින් ඉහළ යාම

    =ඉහළ දමන ලද ආදායම් බදු හා නව සමාජ ආරක්ෂණ හා දායකත්ව බද්ද හේතුවෙන් බදු වියදම ඉහළ යාම

    =2023 පළමු කාර්තුව සඳහා සමූහය බදු පෙර ලාභය හා බදු පසු ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 5ක් හා රුපියල් බිලියන 3ක් වාර්තා කළ අතර එය පිළිවෙලින් 27% ක හා 38% ක පහත වැටීමකි.

    සම්පත් බැංකුවේ මුළු පොලී ආදායම 2023 වර්ෂයේ පළමුවන කාර්තුව තුළදී රුපියල් බිලියන 50.2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 24'9 හා සැසැඳීමේදී 102%ක වර්ධනයකි' 2022 වසරේ පළමු කාර්තුව අවසානයේදී 9.85% ක් ලෙස වාර්තා වූ සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2023 වසරේ පළමු කාර්තුව අවසානය වන විට 21'4ක් ලෙස වාර්තා විය' වාර්තා කරන ලද කාලපරිච්ඡේදය පුරා පැවති ඉහළ පොලී අනුපාතයන් එම කාලපරිච්ඡේදයේ පොලී ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වීමට හේතු විය'

    2023 පළමු කාර්තුවේදී වාර්තා වූ පොලී වියදම රුපියල් බිලියන 32'1ක් වූ අතර එය පෙර වර්ෂයේ පළමු කාර්තුව හා සැසඳීමේදී 183% ක ඉහළ යාමකි' මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු කාර්තුව තුළදී  ශුද්ධ පොලී ආදායමද 34% කින් ඉහළ යන ලදී' තවද ශුද්ධ පොලී ආන්තිකය (NIM) සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා 5.60% ක් වූ අතර එය 2022 වසර අවසානය හා සැසඳීමේදී පදනම් ලකුණු 6ක පහත වැටීමකි. මේ සඳහා 2022 වසර අවසානයේ සිට සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය පහත වැටීමේ ප්‍රවණතාව මූලික වශයෙන් හේතු විය.

    බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2022 පළමු කාර්තුව හා සසඳන විට 2023 වසරේ පළමු කාර්තුව තුලදී 19% කින් ඉහළ යන ලද අතර මේ සඳහා වෙළෙඳ හා ප්‍රේෂණ ආශ්‍රිත මෙහෙයුප ආදායම ඉහල යාම මූලික වශයෙන් හේතු විය. තවද සම්පත් බැංකුව 2023 වසරේ පළමු කාර්තුව තුලදී රුපියල් බිලියන 6.9ක අපහායන අයකිරීමක් වෙන් කරන ලද අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 41% ක පහත වැටීමකි. ඉහත අපහායන අයකිරීම ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 6.2ක්ද (2022 පළමු කාර්තුවේදී 4.9) අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.4ක්ද (2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 6.7) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 4කින්ද ( 2022 පළමු කාර්තුවේදී - රුපියල් බිලියන 0.2) කින්ද සමන්විත විය. මීට අමතරව 2022 පළමු කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තුව වන විට මුළු මෙහෙයුම් වියදම් 22% කින් ඉහල යන ලද අතර මේ සඳහා පවතින උද්ධමනකාරී වාතාවරණය ඉහල යන ලද බදු, ආනායන සීමා සහ රුපියල අවප්‍රමාණය වීම හේතු විය.