පහසුකම් සපිරි නව පැපිරස් ප්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානය කොළඹ අළුත් නිවහනක විවෘත වෙයි

    February, 19, 2016

    පැපිරස් කෝපරේෂන් සමාගම සිය ඉක්මන් ඩිජිටල් මුද්‍රණ ව්‍යාපාරික කටයුතු තුළින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාව සහ සේවාවේ වේගය මෙන්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ දැමීම වෙනුවෙන් පුළුල් ඉඩකඩකින් සමන්විත නව ‘ප්‍රින්ට් පොයින්ට්‘ මධ්‍යස්ථානයක් කොළඹ විවෘත කර තිබේ.

    කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි YWCA පරිශ්‍රය තුළ සැලසුම් සහගතව නිර්මාණය කළ ගොඩනැගිල්ලක් තුළ පිහිටුවා තිඛෙන මෙම නව මුද්‍රණ මධ්‍යස්ථානය මුද්‍රණයෙහි ඕනෑම දෙයක් අදහස ඇති Anything in Print යන තේමාවට අනුව කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලයකින් සහ නව උපකරණ වලින් සමන්විත වේ. මෙම ස්ථානයෙන් සරල විසිටින්ග් කාඩ්පතක සිට විශාල බැනරයක් දක්වා මුද්‍රණය කරගත හැකි බව සමාගම සඳහන් කරයි.

    නව ඩිජිටල් උපකරණ හේතුවෙන් ප්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානයට පුළුල් පරාසයක විහිදුණු මුද්‍රණ සේවාවක් ඉහළ ධාරිතාවයකින් යුතුව ලබාදිය හැකි අතර වාහන නතර කිරීම සඳහා තිඛෙන අමතර ඉඩ ප්‍රමාණය නිසා ගනුදෙනුකරුවන්ට සේවා ලබාගැනීම පහසුවී ඇත.

    මෙම ප්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකරුවන්ට බිස්නස් කාඩ්, ලෙටර් හෙඩ්, බ්‍රෝචර්ස්, ෆ්ලයර්ස් සහ ලීෆ්ලට්, සහතික පත්, පොත්, ප්ලාස්ටික් හැඳුනුම් පත්, ආරාධනා පත්, වැඩසටහන් හැඳුනුම් පත්, පෝස්ටර්, ලියුම් කවර, ඩෙක්ස්ටොප් දින දර්ශන, මෙනු වර්ග, ටිකට් පොත්, ප්‍රොමෝෂනල් ස්ටෑන්ඩ්, පෙනන්ට්, බැනර්, X ස්ටෑන්ඩ් සහ පුල් අප් ස්ටෑන්ඩ්, අවුට් ඩෝ ස්ටිකර්, ලයිට් බොක්ස්, හෝර්ඩින්ග්ස්, මංගල ආරාධනා පත්, ආර්ටිස්ටික් කැන්වස්, පිඟන් භාණ්ඩ මුද්‍රණය සහ රාමුකළ කැන්වස් මෙන්ම පොත් බැඳීමේ සේවා ලබාගත හැකිය.

    “ප්‍රින්ට් පොයින්ට් මුද්‍රණ මධ්‍යස්ථානය වෙනුවෙන් අපගේ ආයෝජනය පුළුල් කරමින් එහි තත්ත්වය වැඩිදියුණු කිරීමත් කාර්ය මණ්ඩලය වැඩි කිරීමත් තුළින් අපගේ සේවාව සහ සේවාවේ වේගය වර්ධනය කිරීමට කටයුතු කර තිඛෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් පැපිරස් කෝපරේෂන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා සඳහන් කළේය. “නව ස්ථානයක පිහිටුවා ඇති මෙම ප්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානය නිර්මාණශීලි, ප්‍රයෝජනවත්, නම්‍යශීලි සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සේවාවක් ගනුදෙනු කරුවන්ට ලබාදීම සඳහා නිර්මාණය කර තිඛෙනවා.“

    “වේගවත් ඩිජිටල් මුද්‍රණ සේවා සහ ඒ තුලින් ලබා දිය හැකි නිර්මාණශීලීත්වය සඳහා තිඛෙන ඉල්ලූම වේගයෙන් වර්ධනය වනවා“, යනුවෙන් පැපිරස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, ජූඩ් සිල්වා මහතා සඳහන් කළේය. “ප්‍රින්ට් පොයින්ට් මේ වනවිට ගුණාත්මක තත්ත්වයේ කිසිදු අඩුවක් නොමැතිව වැඩිවන ඉල්ලූම සපුරාලීමට සූදානම්“.

    ප්‍රින්ට් පොයින්ට් ප්‍රයිවට් ලිමිටඩ් පැපිරස් කෝපරේෂන් සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමක් වේ¡ පැපිරස් කෝපරේෂන් සමාගමට ඩිජිටල් ඡායාරූප පොත් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයා මෙන්ම එම අංශයේ ප්‍රමුඛ වෙළඳපොළ කොටස හිමි න‍Aඵඡයදඑද සමාගම සහ මෙරට විශේෂ කඩදාසි වෙළඳපොළෙන් 70%ක් පමණ හිමිකරගෙන සිටින පැපිරස් පේපර්ස් සමාගම අයත් වේ. මෙම සමූහයේ දේපොළ කළමනාකරණ සමාගම වන්නේ අෂලින් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි.


    පැපිරස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, ජූඩ් සිල්වා මහතාගේ (දකුණේ) ආරාධනයෙන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා (මැද) නව ප්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානය විවෘත කරයි.