ප්‍රගතිය බලන්න IMF පිරිසක් ශ්‍රී ලංකාවට

    August, 16, 2023

    ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිත එහි ප්‍රකාශකයෙකු ඊයේ (15) සඳහන් කරන ලදී.

    2023 ජූනි අවසානය දක්වා IMF වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරෙන අතර එහි කාර්ය සාධනය සලකා බලා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 338 ක ප්‍රමාණයක් අනුමත කිරීමට මෙහිදී සලකා බැලෙනු ඇත.

    මෙම නියෝජිත පිරිස 2023 සැප්තැම්බර් 14 සිට 27 දක්වා කාලය තුළ මෙලෙස ශ්‍රී ලංකාව තුළ සිය පළමු සමාලෝචනය සිදුකිරීමට නියමිතය.