May, 20, 2026
සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය.
The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව ලබාදීම සඳහා, කොළඹ නගරයේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තවත් අවන්හලක් විවෘත කිරීමට The BLAC හි කළමනාකාරීත්වය තීරණය කළේය.
විවේකී ඉරිදා උදෑසනක සිසිල් තුරු සෙවණක සිට සැහැල්ලුවෙන් ආහාර ගැනීම, සියලු පහසුකම් සහිත රැස්වීම් කාමරයක ව්‍යාපාරික රැස්වීමක් පැවැත්වීම, වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇති ජීවන රටා වැඩසටහන් හෝ විලාසිතා රූපගත කිරීම, ආදරණීයයෙකු සමඟ එක්ව නිදහසේ රාත්‍රී ආහාරය භුක්ති විඳීම හෝ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව විශේෂ අවස්ථාවක සතුට සැමරීම ඇතුළු ඕනෑම අවස්ථාවක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් The BLAC සතුය.
නව අවන්හල විවෘත කිරීමත් සමඟ දැන් The BLAC වෙතින් සතියේ සෑම දිනකම කෝපි ඇතුළු පාන වර්ග මෙන්ම උදෑසන, දිවා හා රාත්‍රී ආහාර ලබාගත හැකි වේ. Jaffna Curry Kottu සහ Chu Chee Prawns වැනි විශේෂ ආහාර වර්ග මෙන්ම Caramel Macchiato සහ Chocolate Shake වැනි ප්‍රණීත පාන වර්ග රැසක් The BLAC ආහාරපාන එකතුවට ඇතුළත් වී ඇත.
“අපගේ කොළඹ 03 අවන්හල විවෘත කිරීමත් සමඟ දැන් පෙරටත් වඩා වැඩි පිරිසකට අපගේ රසවත් කෝපි වර්ග සහ අනෙකුත් ආහාරපාන සිත් සේ රසවිඳීමට අවස්ථාව හිමි වී තිබෙනවා. අපගේ අරමුණ වන්නේ ප්‍රණීත හා ගුණාත්මක ආහාරපාන පිරිනැමීමෙන් නොනැවතී, පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව උදාකර දීමයි.” The BLANC හි නිර්මාතෘ කෞෂාල් මෙන්ඩිස් මහතා පැවසීය.
The BLAC අවන්හල සැලසුම් කර ඇත්තේ සෑම අංශයක් කෙරෙහිම දැඩි අවධානයක් යොමුකරමිනි. චාම් එහෙත් සිත් ඇදගන්නාසුලු ලෙස අවන්හල ඇතුළත සැලසුම් කර ඇති අතර, නිදහස් හා සැහැල්ලු අත්දැකීමක් හිමි වන ආකාරයට එහි පිටත සැලසුම් කර තිබේ. විවෘත Garden café හිදී පාරිභෝගිකයන්ට නගරයේ කලබලයෙන් මිදී සන්සුන්ව ආහාරපාන රසවිඳිය හැක. ඉහළින් වීදුරු යොදා නිර්මාණය කර ඇති The Glasshouse කොටස දිවා කාලයේදී ස්වාභාවික ආලෝකය ලැබෙන පරිදි සහ රාත්‍රී කාලයේදී සඳ තරු මන්දාලෝකය සිත් සේ විඳගත හැකි පරිදි සැලසුම් කර තිබේ.
ව්‍යාපාරික රැස්වීම්, වැඩමුළු සහ ඉදිරිපත් කිරීම් ආදිය සඳහා සියලු පහසුකම් සහිත රැස්වීම් ශාලාවක්, පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි විශේෂ අවස්ථා සැමරීම සහ ආහාරපාන ගැනීම සඳහා විශේෂ Lounge පරිශ්‍රයක් සහ ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කළ හැකි Content Space පරිශ්‍රයක්ද The BLAC අවන්හලට ඇතුළත්ය.
සම්ප්‍රදායික අවන්හල්වලින් වෙනස් වෙමින්, සොබාදහමට සමීප අත්දැකීමක් ලබාදෙන අතරම ප්‍රණීත ආහාරපාන සමඟ සුපහසුව එකම වහළක් යටදී අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දීම The BLAC හි අරමුණ වී තිබේ.
Video Story