August, 20, 2026
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම, ගම්පහ ප්‍රදේශයේ ඉදිකරන ලද විශාලතම සැලසුම්ගත නේවාසික ව්‍යාපෘතිය වන The Palace ගම්පහ නිවාස හිමියන්ට ඔප්පු ලබාදීම මේ වනවිටත්ආරම්භ කර තිබේ. මෙය, ව්‍යාපෘතියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර, පාරිභෝගිකයන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සහ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සමාගම දක්වන කැපවීමද මෙයින් තහවුරු වේ.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් දුරින් ගම්පහ මහ නගර සභා සීමාව තුළ පිහිටි The Palace ව්‍යාපෘතිය, ගම්පහ ප්‍රදේශයේ විශාලතම සැලසුම්ගත නේවාසික ව්‍යාපෘතිය වේ. සියලු ගෘහභාණ්ඩ සහිත නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස 480කින් සමන්විත The Palace ව්‍යාපෘතිය නවීන පහසුකම්, සුවපහසුව සහ ආරක්ෂාව සමඟ පවුලකට අවශ්‍ය සියලු දේ ලබාදෙන ආකාරයෙන් සැලසුම් කර ඇත.
ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, නිවාස හිමියන්ට ඔවුන්ගේ දේපළ සඳහා නීත්‍යානුකූල හිමිකම තහවුරු කරන ඔප්පු ලබාදීම තුළින් නිවාස හිමියන්ට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමඟ ගනුදෙනු කිරීම පිළිබඳ පවතින විශ්වාසය වඩාත් සුරක්ෂිත කිරීමට සමාගමට හැකි වී ඇත.
ගම්පහ ප්‍රදේශයේ විශාලතම condominium ව්‍යාපෘතියක් ලෙස, ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය සඳහා නිසි සැලසුම්කරණයක් සහ විවිධ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය විය. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම විසින් අවශ්‍ය සියලුම අනුමැතීන් ලබාගෙන ඇති අතර, එකී සියලු අනුමැතීන් මනා ලෙස අනුගමනය කරමින්, ඔප්පු නිකුත් කිරීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි ලියාපදිංචිය සම්පූර්ණ කර ඇත.
නිවාස හිමියෙකුට ඔප්පුවක් ලැබීම යනු හුදෙක් ලේඛනයක් පමණක්ම නොවේ. එය තම නිවසේ නීත්‍යානුකූල හිමිකාරිත්වය නිල වශයෙන් තහවුරු කිරීමකි. තම දේපළ අනාගතයේදී විකිණීමට, වෙනත් අයෙකුට පැවරීමට හෝ තම දරුවන්ට උරුම කර දීමට නිරවුල්, නීත්‍යානුකූල ඔප්පුවක් ලබා ගැනීම සැබැවින්ම උත්කර්ෂවත් අවස්ථාවක් වන බව නොඅනුමානය.
ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමේ සිට නිවාස භාරදීම සහ ඔප්පු ලබාදීම දක්වා සෑම අදියරක්ම නිසි ප්‍රමිතියකින් සහ වගකීමෙන් යුතුව සිදු කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම කැපවී සිටී.
The Palace ගම්පහ හි සීමිත නිවාස සංඛ්‍යාවක් පමණක් තවමත් මිලදී ගැනීමට ඉතිරිව ඇති අතර, සම්පූර්ණයෙන් ගෘහභාණ්ඩ සහිත නිවාස රුපියල් මිලියන 27.5 සිට ඉහළට ලබාගත හැකිය.
The Palace ගම්පහ හි ඔප්පු ලබාදීම ආරම්භ කිරීමත් සමඟ, විශ්වාසදායක සංවර්ධකයෙකු ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම තවත් වැදගත් පියවරක් ඉදිරියට තබයි. නිවාස පමණක් නොව, සුරක්ෂිත ආයෝජනයක් සහ පවුල් සඳහා සතුටින් ජීවත් විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම සමාගමේ අරමුණයි.
Video Story