ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩල පනතක්

    February, 20, 2024

    ප්‍රසිද්ධ රැඟුම් සම්බන්ධයෙන් දැනට 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැඟුම් ආඥාපනත ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සහ නිර්මාණ නිදහස පූර්ණ වශයෙන් සුරැකෙන පරිදි, ලාංකීය සමාජයට උචිත නීතිරීති හඳුන්වා දීම පිණිස නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

    ඒ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුවක් විසින් නව පනත සකස් කිරීම සඳහා පාදක කර ගැනීම පිණිස මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැඟුම් ආඥාපනත පරිච්ඡින්න කිරීමටත්, ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩල පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත් හැකි වන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.