ප්‍රේෂණ මුදල් ලබන්නන්ට කොමර්ෂල් බැංකුව වෙතින් බඩු මල්ලක්

    November, 24, 2015

    උත්සව සමය එළඹීමත් සමඟ 2015 වසර අවසාන වනතෙක් බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබාගන්නා ගනුදෙනු කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් වටිනා භාණ්ඩ පාර්සල් 300 ක් ප්‍රදානය කිරීමට කොමර්ෂල් බැංකුව තීරණය කර තිබේ.

    ඉතාමත් කාලීන ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙය බැංකුවට අයත් අති නවීන අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව වන ඊ-එක්ස්චේන්ජ් සහ ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවන් වන මනිග්‍රෑම්, රියා හෝ එක්ස්ප්‍රස් මනි ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනු කරුවන් සඳහා විවෘත වේ.

    මෙම සේවාවන් ඔස්සේ ලැඛෙන ප්‍රේෂණ මුදල් දෙසැම්බර් 31 දක්වා කොමර්ෂල් බැංකුවෙන් ලබාගන්නා සියලූ දෙනාම රුපියල් 5000 ක් වටිනා මෙම භාණ්ඩ පාර්සල් දිනා ගැනීම සඳහා පැවැත්වෙන දිනුම් ඇදීම වෙනුවෙන් සුදුසුකම් ලබන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ අංශයේ ඉතාමත් ක්‍රියාකාරී බැංකු අතර ප්‍රමුඛයෙකු වන අතර ගනුදෙනු කරුවන් වෙනුවෙන් බැංකුව විකල්ප විසඳුම් මාලාවක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, ප්‍රේෂණ මුදල් එවන්නන්ට බැංකුවේ ගිණුමක් නොමැතිව වුවද ප්‍රේෂණ ලබා ගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී ඇත. සැලකිය යුතු ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් සේවය කරන ලෝකය පුරා පිහිටි ප්‍රධාන වෙළඳ පොළවල කොමර්ෂල් බැංකුව තමන්ගේම ව්‍යාපාරික ප්‍රවර්ධන කාර්යාල පිහිටුවා ඇත.

    නියෝජිතවරුන් ජාලයක් හරහා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන කොමර්ෂල් බැංකුවේ “ඊ-එක්ස්චේන්ජ්” අඩු පිරිවැයකින් එම මොහොතේම මුදල් එවිය හැකි ආරක්ෂාකාරී අති නවීන ප්‍රේෂණ සේවාවකි. බැංකුවේ ශ්‍රී ලංකාව තුළ පිහිටි ශාඛා 246 ක් අතුරින් ඕනෑම ශාඛාවකින් සිය මුදල් ආපසු ගැනීමේ හැකියාව, ලංකාව තුළ සිටින මුදල් ලබන්නන් හට පිරිනැමෙන අතර මෙම ශාඛා වලින් 60 කට වැඩි ප්‍රමාණයක් බැංකු නිවාඩු දින වලදී පවා විවෘතව පවතී. මීට අමතරව, මෙරට තනි බැංකුවක් සතු මුදල් නිකුත් කිරීමේ විශාලතම පද්ධතිය වන බැංකුවේ 618 ක් වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය මගින් ඕනෑම වෙලාවක මුදල් ආපසු ලබාගැනීමේ හැකියාවද ඇත. ඊ- එක්ස්චේන්ජ් ප්‍රේෂණවල තත්ත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමේ පහසුකම බැංකුව විසින් ලබාදී තිඛෙන අතර පද්ධතිය තුළින් ප්‍රේෂණ පැමිණි විට ඒ බව දන්වමින් ප්‍රේෂණ ලබාගන්නාට කෙටි පණිවුඩයක් එවනු ලබයි.

    මනිග්‍රෑම් ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ සේවාව සතුව 256,000 ක් පමණ ජාත්‍යන්තර නියෝජිත ජාලයක් පවතී. මේ නිසා, රටවල් 192 කට ආසන්න ප්‍රමාණයක සිටින පුද්ගලයින්ට මෙම සේවාව හරහා ඉතා පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස මුදල් යැවීමේ හැකියාව තිබේ. කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වඩාත් ජනප්‍රිය මනිග්‍රෑම් නියෝජිත ආයතනයකි.

    රියා ෆයිනෑන්ෂල් සර්විසස් යනු ලොව තෙවැනි විශාලතම මුදල් හුවමාරු කිරීමේ සමාගමයි. මහද්වීප 06 කට අයත් රටවල් 136 ක 140,000 ක ගෝලීය නියෝජිත ස්ථාන ජාලයක් මෙම සමාගමට ඇත.

    මීට අමතරව, එක්ස්ප්‍රස් මනි සතුව කර්මාන්තය තුළ විශාල ප්‍රේෂණ ජාලයක් තිඛෙන අතර රටවල් 150 ක විහිදුණු 170,000 ක නියෝජිත ස්ථාන මෙම සමාගමට තිබේ.