පාරිභෝගිකයන් අතර ඩිජිටල් ගෙවීම් ප්‍රචලිත කිරීමට mCash හා UnionPay අත්වැල් බැඳගනී

    May, 24, 2021

    ශ්රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ භාවිතාව තවදුරටත් සක්රීය කරමින්රටේ විද්යුත් ගෙවීම් ක්රමවේදයේ පරිවර්තනීය වෙනසක් සිදුකරන ලද SLT-MOBITEL ජාලය සතු විප්ලවීය ජංගම මුදල් ගෙවීම් සහ හුවමාරු ක්රමවේදය වන mCash පසුගියදා යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UPI) සමාගම සමග අත්වැල් බැදගන්නා ලදී.

    මෙම ඒකාබද්ධතාවය හරහා mCash සහ යුනියන්පේ ඉන්ටර්නැෂනල් යන දෙඅංශයේම සේවාවන්හි උපයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවෙනු ඇති අතර mCash පාරිභෝගිකයින්ට සහ දිවයින පුරා විහිදී සිටින බලයලත් mCash නියෝජිත මහතුන්ට අති නවීන තාක්ෂණය හා මුසු වීමට අවස්ථාව හිමි වනු ඇත.

     

    මීට අමතරවමෙම  මගින් 25,000ට වැඩි mCash නියෝජිතයන් හට යූනියන්පේ ඉන්ටර්නැෂනල් හි සේවාවන් වෙත ළඟාවීමට අවස්ථාව සැලසෙන අතර එමඟින් පාරිභෝගිකයින්ට ඉහල ගුණාත්මකභාවයකින් යුතු සේවාවක් ලබා දීමට හැකි වනු ඇත

    ප්රමුඛ පෙළේ ජංගම මූල්ය ගණුදෙනු ජාලයක් වන mCash,  තම හවුල්කාරිත්වයන් තව තවත් පුළුල් කර ගනිමින් අන්තර්ජාතික මට්ටමේ ඩිජිටල් සේවාවක් සැපයීමට සහ එමඟින් මුදල් නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් නිර්මාණය කරමින් ශ්රී ලංකාව පූර්ණ ඩිජිටල් යුගයක් කරා රැගෙන යාමේ පෙරගමන්කරුවෙකු ලෙස ක්රියා කරයි.

     

    mCash වේගවත්ආරක්ෂිත සහ කාර්යක්ෂම ජංගම මූල්ය සේවා සැපයීමෙහිලා විවිධ අංශවල ප්රමුඛ පෙළේ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරයිතවදමුදල් තැන්පතුමුදල් ආපසු ගැනීම්මුදල් යැවීම් සහ ලැබීම්සියලුම බිල්පත් ගෙවීම්, LANKAQR ගෙවීම්අන්තර්ජාල ගෙවීම්ඩිජිටල් ස්ථාවර නියෝග සහ ශක්තිමත් ව්යාපාර විසඳුම් වැනි පුළුල් මූල්ය සේවාවන් රාශියක් සඳහා mCash පහසුකම් සපයයි.

     

    වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ mCash සේවාව විසින් දැවැන්ත වර්ධනයක් අත්කරගනිමින් සිටී.  ශ්රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික ගෙවිම්හිලා mCash සේවාවෙන් කරනු ලබන සේවාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විශාල පාරිභෝගික ජාලය මගින් සාක්ෂි දරයි.

     

    යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UPI) යනු යුනියන්පේ හි ගෝලීය ව්යාපාරයේ වර්ධනය සහ සහාය කෙරෙහි අවධානය යොමු කළ චීනයේ යුනියන්පේ හි අනුබද්ධිත ආයතනයකිලොව පුරා ආයතන 2400 කට වැඩි සංඛ්යාවක් සමඟ සබන්දතා පවත්වන මෙම ආයතනයරටවල් 180 ක සහ කලාප 68  UPI කාඩ්පත් ගනුදෙනු සදහා පිළිගනු ලැබේ.

     

    UPI ලෝකයේ විශාලතම කාඩ්පත් හිමියන්ගේ ජාලයට එක්වෙමින්උසස් තත්ත්වයේලාභදායී හා ආරක්ෂිත දේශසීමා අතර ගෙවීම් සේවා සපයනු ලබන අතර ගෝලීය වශයෙන් වැඩිවෙමින් පවතින යුනියන්පේ කාඩ්පත් හිමියන්ට සහ වෙළෙන්දුන් හට පහසුවෙන් ඔවුන්ගේ දේශීය සේවාවන් ලබාදීම සහතික කරනු ලැබේ.මුදල් තැන්පතුමුදල් ආපසු ගැනීම්මුදල් යැවීම් සහ ලැබීම්සියලුම බිල්පත් ගෙවීම්, LANKAQR ගෙවීම්අන්තර්ජාල ගෙවීම්ඩිජිටල් ස්ථාවර නියෝග සහ ශක්තිමත් ව්යාපාර විසඳුම් වැනි පුළුල් මූල් සේවාවන් රාශියක් සඳහා mCash පහසුකම් සපයයි.