පාරිභෝගිකයින්ට ආපසු මුදල් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව මහනුවර පැවැත්වුණු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR ප‍්‍රවර්ධනයට එක්වෙයි

    March, 25, 2021

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR පද්ධතිය ඔස්සේ මුදල් නොවන ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩසටහනට අඛණ්ඩව සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව මාර්තු 20 වනදා මහනුවර නගරයේ පැවැත්වුණු ‘රටපුරාම LANKAQR’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හි, ඉහළම මාලයේදී පැවැත්වුණු අතර එයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඞී. කුමාරතුංග මහතා, කැන්ඩි සිටි සෙන්ටර් හි, සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, තුසිත විජයසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වී තිබුණි.

    LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට සහයෝගය ලබාදීම සඳහා මාර්තු 31 දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී සහ අවට ප‍්‍රදේශ වල ComBank Q+ ඇප් පහසුකම ඔස්සේ මිලදීගැනීම් කරන ජනතාවට දෛනික සීමාවකට යටත්ව 35% ක මුදලක් ආපසු පිරිනැමීමට තීරණය කර ඇත. මීට අමතරව, LANKAQR ජනප‍්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් කැන්ඩි සිටි සෙන්ටර් හි, සහ මහනුවර නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය.

    ComBank Q+ මගින් සිල්ලර පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් යන දෙපාර්ශවයටම විකල්ප ඉදිරිපත් කර තිබේ. බැංකුව විසින් මෑතකදී එළිදැක්වූ සියළුම පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත‍්‍රවල LANKAQR උපාංගය ඇතුළත් කර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ Q+ ඉතාමත් ශක්තිමත් අති නවීන ජංගම දුරකතන ඇප් පහසුකමක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් සහ iOS යන දෙවර්ගයේම උපකරණවල භාවිතා කළ හැකිවේ. මෙය LANKAQR යටතේ එළිදැක්වූ ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් පළමු ගෙවීමේ ඇප් පහසුකම වන අතර කාඞ්පත් හිමියන් සහ වෙළෙඳුන්ට කිසිදු කරදරයකින් තොරව ගෙවීමේ කිරීමේ අවස්ථාව ලබාදෙමින් එය නිර්මාණය කර තිබේ. මේ සඳහා ලියාපදිංචි වීමට ගනුදෙනුකරුවන්ට මාස්ටර්කාඞ්, වීසා, යුනියන්පේ, ලංකාපේ සහ JCB ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් භාවිතා කළ හැකිවේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම වැඩසහනේ තිබූ කොමර්ෂල් බැංකු කුටියේ දර්ශනයකි.