පැසිෆික් විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළ AIB ආයතනය, 2023 දෙවැනි උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

    March, 13, 2023

    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උපාධි පිරි නමමින් කීර්තිමත් නමක් දිනූ AIB ශ්‍රී ලංකා ආයතනය, 2023 වසරේ දෙවැනි උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලැබිණි. එම ආයතනයෙන් උපාධි හැදෑරූ උපාධිලාභීන් 53 දෙනෙකුගේ හා ආරාධිතයින් 160කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පසුගිය පෙබරවාරි 26 වැනිදා BMICH හිදී පැවැත්විණි.

    උපාධි ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ, එක්සත් රාජධානියේ ABE ආයතනයෙහි කලාපීය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය ප්‍රවීන් මහේන්ද්‍රන් මහතා ය. ABE ආයතනය, ව්‍යාපාරික අධ්‍යයන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් උපාධි පිරිනමන බ්‍රිතාන්‍යයේ පැරණිතම ආයතනය වන අතර, ABE (UK) සුදුසුකම්  පිරිනැමීම සඳහා අනුමැතිය ලත් මෙරට ආයතනය වන්නේ AIB ශ්‍රී ලංකා ආයතනයයි.

    උත්සව සභාව අමතමින් ආචාර්ය ප්‍රවීන් මහේන්ද්‍රන් මහතා, නූතන උපාධි ප්‍රවණතාවන් පිළිබඳව මෙන්ම සිසුන්ට ඉහළම මට්ටමේ ප්‍රතිඵල ලබා දීමට ඉවහල් වන නිපුණතා හා හැකියාවන් පිළිබඳව අවධාරණය කළේය. එම නිපුණතා හා හැකියාවන් ඔප් නැංවීම පිණිස AIB හි සහ ABE හි වැඩසටහන් සකස් වී ඇති ආකාරය සම්බන්ධයෙන්ද ඔහු රැස්ව සිටි පිරිසට කරුණු පැහැදිලි කළේය. මෙම අවස්ථාවට BNI Pioneer Chapter හි උපසභාපති ඩිලාන් ෆොන්සේකා මහතා ද සහභාගි විය. හෙතෙම BNI (Business Network International) සම්බන්ධයෙන් කරුණු රැසක් ගෙන හැර දැක්වූ අතර, BNI සාමාජිකත්ව ශ්‍රේණි වලට සම්බන්ධ වීමෙන් ව්‍යවසායක හා ව්‍යාපාරික අත්දැකීම් ලබාගැනීමට සිසුන්ට මග සැලසෙන අන්දම ද හෙළි කළේය. 2022 වසරේ සිටම සිසුන්ට විරල අධ්‍යාපන අවස්ථා උදාකර දෙන AIB ආයතනය, BNI හි කැපී පෙනෙන සාමාජික ආයතනයකි.

    මෙරට සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනයෙහි දොරගුළු විවර කර දෙන AIB  ආයතනය සිය ගමන් මගෙහි සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරමින්, පැසිපික් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා තිබේ. ඒ අනුව AIB සිසුන් වෙත පැසිපික් විශ්වවිද්‍යාලය විසින් පිරි නමනු ලබන උසස්ම මට්ටමේ DBA, MBA සහ BBA උපාධි හිමි වන අතර, AIB  ආයතනය ඉහළම ප්‍රමිතියෙන් යුතුව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යනු ඇති බවට පැසිෆික් විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ලියෑම් සිය විශ්වාසය පළ කළේය. මෙහිදී අදහස් දැක්වූ AIB ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ක්‍රිෂංකර් ජනාතනන් සඳහන් කළේ, අධ්‍යයන පාඨමාලාවන් උසස්ම ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාමට මෙන්ම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා තම උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවයි. AIB ශ්‍රී ලංකා ආයතනය හුදෙක් මෙරට අධ්‍යාපනය ක්ෂේත්‍රයට පමණක් සීමා වූ ආයතනයක් නොවන බවත්, බඳවා ගැනීම් සේවා හා ඩිජිටල් ඒජන්සි සේවා ආදිය කෙරෙහිද අවධානය යොමු කරන ආයතනයක් බවත් හෙතෙම අවධාරණය කළේය. මෙලෙස ක්‍රම ගණනාවක් ඔස්සේම සිසුන්ට හට අධ්‍යයන හා වෘත්තීය ක්ෂේත්‍රයන්ට පිවීසීමට AIB පහසු මග සකස් කර තිබේ.

    Academy of International Business and Study Abroad (Pvt) ltd  ආයතනයේ සන්නාමය ලෙසින් AIB ආයතනය, අධ්‍යයන කළමනාකරණ, ග්‍රැෆික් ඩිසයින්, ලේඛන, ඩිජිටල් මාකටින් මෙන්ම, IELTS හා PTE ආදී ඉංග්‍රීසි භාෂාවට අදාළව ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා පිරි නමමින්, නමක් දිනා තිබෙන ආයතනයකි. එහි ඉගැන්වීම් ක්‍රමවේදයන් තුළ පවත්වාගෙන යන ගුණාත්මකභාවය මෙන්ම ශිෂ්‍ය උපකාරක සේවාවන් සිසුන්ට, පාර්ශවකරුවන්ට හා සමාජයට ඉහළම ප්‍රතිඵල පිරිනමමින්, ආයතනය කටයුතු කරන ආකාරය දැක්වීමට හොඳම නිදසුන් වේ. එමෙන්ම, ගූගල් තරු 5 ශ්‍රේණි ගත කිරීම් අතරින් තරු 4.9 ශ්‍රේණිගත කිරීම ද  AIB ආයතනය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.