පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත වේ

    September, 17, 2015

    කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය නගරයට ආසන්නව ඉදිකර තිබෙන පිවිසුම් ස්ථානය මෙම මාර්ගයේ කඩුවෙල-කඩවත කොටස විවෘත කිරීමට සමගාමීව විවෘත කරන බව මහා මාර්ග අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය.

    මෙම පිවිසුම් ස්ථානයේ සිට කඩවතට කිලෝ මීටර් 15 ක දුර ප්‍රමාණයක් තිබෙන අතර මාතරට තිබෙන්නේ කිලෝ මීටර් 138 කට ආසන්න දුර ප්‍රමාණයකි.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 09 ක කොටස අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතය.

    මෙම විවෘත කිරීමත් සමග දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට පැමිණෙන්නෙකුට කඩවත දක්වා ගමන් කළ හැකිය.

    පිටත වටරවුම් මාර්ගය ඉදිරියේදී කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates