පිට පිටම දෙවන වතාවටත් GSK ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 04 ක් දිනයි

    November, 30, 2015

    කාර්ය සාධන කළමනාකරණය සහ සෞඛ්‍ය සහ ආශ්‍රිත සේවා වෙනුවෙන් රන් සම්මාන සහ 'මහා පරිමාණ' අංශයේ රීදි සම්මානය මෙන්ම සමස්ත අංශයේ අනු ශූරතාවය දිනයි

    ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2015 වසර වෙනුවෙන් පැවති ගෞරවණීය ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවන වසර සඳහාත් ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සම්මාන හතරක් පිරිනැමුණු අතර මෙහිදී සියළුම සම්මාන ලාභීන් සහ අංශ අතුරින් අනුශ=රතා සම්මානයද සමාගම වෙනුවෙන් හිමිවීම කැපී පෙනේ.

    ගියවර සම්මාන ප්‍රදානෝත්සවයේදී ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගම ලද ජයග්‍රහණයට සමාන වෙමින් කාර්ය සාධන කළමනාකරණය සහ සෞඛ්‍ය සහ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් සමාගම දිනාගත් අතර zමහා පරිමාණZ අංශය සඳහා පිරි නැමෙන රීදි සම්මානය සහ ‘සමස්ත ජයග්‍රාහකයින්‘ වෙනුවෙන් පිරිනැමෙන රිදී සම්මානය දිනා ගැනීමටද සමත් විය.

    මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී අංශ 29 ක් අතුරින් සැලකිල්ලෙන් තෝරාගත් සමාගම් 62 ක් සඳහා සම්මාන 92 ක් පිරිනැමූ අතර සම්මාන ප්‍රදානොත්සවය පැවතියේ පිට පිටම 12 වන වසර සඳහායි. මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගම සහභාගී වූයේ දෙවන වසර සඳහායි.

    “මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සලකා බැලු විවිධ ක්ෂේ්‍රත්‍ර වල සමාගම් අතුරින් සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්වීම, සමාජයට වගකියන ඉතාමත් සමබර අපගේ කාර්ය සාධන ආකෘතියට ලැබුණු අති විශිෂ්ට සහතිකයක්“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට GSK ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, ස්ටුවර්ට් චැප්මන් මහතා පැවසීය. “විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලු මෙම ඇගයීම මගින් අවධාරණය කරන්නේ ව්‍යාපාරයකදී සාර්ථකව කටයුතු කිරීම මෙන්ම නිවැරදිව කටයුතු කිරීම වැදගත් බවයි. මේ නිසා, මෙම සම්මාන ප්‍රදානයේ කීර්තිමත් විනිසුරු මඩුල්ල විසින් අපට ප්‍රධානය කළ සහතිකය තුළින් අප විශාල ලෙස දිරිමත් වනවා.“

    ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්වයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා පුළුල් තක්සේරුවක් කෙරුණු අතර මෙහිදී නායකත්වයේ විශිෂ්ටත්වය, ආයතනික යහපාලනයේ විශිෂ්ටත්වය, ධාරිතාවය ගොඩනැගීමේ විශිෂ්ටත්වය, කාර්ය සාධන කළමනාකරණයේ විශිෂ්ටත්වය, දේශීය හා විදේශීය වෙළඳ පොළට ප්‍රවේශවීමේ විශිෂ්ටත්වය, ආයතනික සමාජ වගකීමේ සහ පාරිසරික තිරසාරත්වයේ විශිෂ්ටත්වය සහ ව්‍යාපාරික සහ මූල්‍ය ප්‍රතිඵලවල විශිෂ්ටත්වය යන කරුණු සැලකිල්ලට ගන්නා ලදී. සියළුම සමාගම් විසින් සැපයූ තොරතුරුවල නිරවද්‍ය සහ වලංගුභාවය සහතික කරගැනීම සඳහා සියළුම අයදුම්කරුවන්ව විනිසුරු මඩුල්ල විසින් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරන ලදී.

    මේ වසරේ ජනවාරි මාසයේ සිට ඨීණ ෆාමසියුටිකල්ස් සමාගම විසින් තනි පුද්ගල විකුණුම් ඉලක්ක අවසන් කරමින් නව අලෙවි බලකා ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මෙම නව ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයට පදනම් වී තිඛෙන්නේ අලෙවි ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් තනි පුද්ගල ප්‍රතිලාභ ලබානොදීමේ GSK ෆාමසියුටිකල්ස් හි, ප්‍රධාන මූලධර්මයයි. මේ වෙනුවට සමාගමේ අලෙවි නියෝජතයින්ට ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික කුසලතාවය, විද්‍යාත්මක දැනුම සහ ගනුදෙනු කරුවන් අවබෝධ කර ගැනීම, ලබාදෙන සේවාවේ ගුණාත්මක භාවය යන කරුණු සැලකිල්ලට ගනී.

    මෙම වැඩසටහන ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගමේ වටිනාකම් සහ රෝගීන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම පාදක කර ගත් සමාගමේ තීරණ ගැනීමේ ප්‍රතිපත්තිය නියෝජනය කරයි.

    සමීක්ෂණ පදනම් කරගත් ලෝකයේ ප්‍රමුඛතම ඖෂධ සහ එන්නත් සමාගම් වලින් එකක් ලෙස සැලකෙන ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) මිනිසුන්ට වැඩ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම සහ සුව පහසු ලෙස වැඩි කාලයක් ජීවත් වීමට අවස්ථාව උදා කරමින් මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමට කැපවී සිටී. සමාගම සහ එහි පුරෝගාමීන් 1930 දශකයේ අගභාගයේ සිට › ලංකාවේ ඖෂධ වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන මෙහෙයක් සිදු කරයි¡ ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය කරන පළමු සහ එකම බහු ජාතික සමාගම වන්නේද ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගමයි.

    ඡායාරූපය - 2015 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී දිනූ සම්මාන හතර සමග GSK කණ්ඩායම