පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ‘Global Banking & Finance Review’ සඟරාවේ ‘Next Global Companies 2021’ ශ්‍රේණිගත කිරීම් අතරට තේරී පත් වෙයි

    January, 12, 2022

    ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ (NBFI) සම්මානනීය, මූල්‍ය විසඳුම් සපයන සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, Global Banking & Finance Review’ සගරාව විසිින් ‘Next Global Companies 2021’ ශේ‍්‍රණිගත කිරීම් අතරට තේරී පත්ව තිබේ.

    ‘Next Global Companies 2021’ යනු ලොව පුරා සමාගම් හි වඩාත් උද්දීපන, නවෝත්පාදකයන් හා අනාගත අපේක්ෂා තැබිය හැකි ව්‍යාපාරයන් හි කැපීපෙනෙන ලක්ෂණ විමසා බලන්නකි. තවද මෙම ශ්‍රේණිගතය විසින් අදාල ක්ෂේත‍්‍රයෙහි වෙනසක් ඇති කරන්නෙකු ලෙස පාරිභෝගිකන්ට අවශ්‍ය නිෂ්පාදන හා පාරිභෝගිකයන්ට අවශ්‍ය ප‍්‍රතිඵල සැපයීමට කැපවූ ඉදිරියෙන්ම සිටින සමාගම්වල උපාය මාර්ග, ජයග‍්‍රහණ, කැපවීම් හා නායකත්වය පිළිගැනීමට ලක් කරනු ලබයි.

    එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම තෝරාගැනීම සඳහා නායකත්වය හා සාමූහික පළපුරුද්ද, සමාගමෙහි ගුණාත්මකභාවය හා කාර්යයන් හි සාර්ථකත්වයන්, කලාපීය හා ගෝලීය වශයෙන් අදාල ක්ෂේත‍්‍රය මත තැබූ සලකුණු, සමාජ දායකත්වය හා ආර්ථික බලපෑම් විශේෂඥතා මට්ටම්, වර්ධන අනුපාතයන්, අදාල ක්ෂේත‍්‍රයෙහි සම්මාන හා පිළිගැනීම්, තාක්ෂණික වශයෙන් ලබන වාසිදායක තත්ත්වයන්, පාරිභෝගික ප‍්‍රතිචාර හා සම්බන්ධවීම්, අදාල ක්ෂේත‍්‍රය තුළ විසඳුම් සැපයීම් හා තම ක්ෂේත‍්‍රයට ඇති කළ බලපෑම්  ආදී පුළුල් පරාසයක නිර්ණායකයන් භාවිතා කරනු ලබන්නකිි.

    පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයකිිි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.