• Ada Derana BIZ Sinhala
  • Best Practices 2022
  • European Award
  • People’s Leasing & Finance PLC
  • sri lanka

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම “විශිෂ්ට භාවිතයන්-2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගනී

December, 13, 2022

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research - ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා  පිරිනමන  “විශිෂ්ට භාවිතයන් 2022” (Best Practices 2022) සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන උළලේදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සලීන් විසින්  මෙම සම්මානය ලබා ගනු ලැබීය.

යුරෝපය, ආසියාව, ඇමරිකාව, අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව යන මහද්වීපයන් හි නිර්දේශිත රාජ්‍ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් මෙම සම්මානය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිකරදීමට හැකිවීම  පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. මීට පෙර මෙම සම්මානය ලබා ඇති ජාත්‍යන්තර සමාගම් අතර, BMW සමූහය (ජර්මනිය), Konica Minolta (ජපානය), State Bank of India (ඉන්දියාව), Cathay Pacific Airways (හොංකොං-චීනය), Air Canada (කැනඩාව) සහ United Airlines (ඇමරිකා එක්සත් ජනපදය) වෙති.

තිරසර අරමුණු පෙරදැරි කරගෙන මෙහෙයුම් කටයුතු සිදුකරන පීපල්ස් ලීසිං සමාගම ඉහළම මට්ටමේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම පවත්වාගැනීම සඳහා කැපවී සිටින සමාගමකි.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් පැවසුවේ, මෙම සම්මානය හිමිවීම සමාගමේ විශිෂ්ටත්වය සහ යහපත් සදාචාරාත්මක ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක බවට දරණ හොදම සාක්ෂිය බවය.

පීපල්ස් ලීසිං සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සලීන් තම අදහස් දක්වමින් පැවසුවේ, මෙම සම්මානය තුළින් පීපල්ස් ලීසිං සමාගමේ ශක්තිමත් තත්ත්ව කළමනාකරණ සහ පාලන රාමුව පෙන්නුම් කරන බවය.

“මෙවැනි ජයග්‍රහණයක් ලැබීම අප සමාගම ලැබු විශීෂ්ඨ ජයග්‍රහණයක්. ඒ පිළිබදව අප නිහතමානිව ආඩම්බරයට පත්වෙනවා. පීපල්ස් ලීසිං සමාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රජය සතු ව්‍යවසායන් සඳහා ප්‍රමිතිය සකස්කිරීම අඛණ්ඩව සිදුකරන සමාගමක්.’ ඔහු තවදුරටත් පැවසීය.

සම්මානලාභී සමාගම්, සංවිධාන සහ රාජ්‍ය පරිපාලන ආයතන ESQR හි ඡන්ද විමසීම්, පාරිභෝගික අදහස් පර්යේෂණ සහ වෙළඳපල අධ්‍යනයන් හි ප්‍රතිඵල මත පදනම්ව තෝරා ඇත. ජයග්‍රාහකයන් තේරීම් ක්‍රියාවලියේදී පොදු තොරතුරු මූලාශ්‍ර, ප්‍රකාශන, ධනාත්මක ප්‍රකාශ, පුණ්‍ය ව්‍යාපෘති, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්‍යාල ව්‍යාපෘති, වෙළඳ ප්‍රදර්ශන සහ ප්‍රදර්ශන පිළිබඳ පර්යේෂණ යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය (ESQR) යනු තත්ත්ව වැඩිදියුණුකිරීමේ ශිල්පීය ක්‍රම හඳුනාගැනීම සහ පර්යේෂණ සඳහා කැපවූ යුරෝපීය සංවිධානයකි. යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටා ඇති අතර ESQR සංවිධානය, සමාගම්, රාජ්‍ය පරිපාලන ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ව්‍යාපාරයන්හි විශිෂ්ට භාවිතයන් සහ තත්ත්ව කළමනාකරන උපාය මාර්ගවල ප්‍රතිඵල ඇගයීමට කැපවී කටයුතු කරනු ලබන්නකි. තවද ESQR සංවිධානය විසින් සමාගම්හි විශිෂ්ටත්වය, නවෝත්පාදන හැකියාව සහ දූරදර්ශී චින්තනය, දැනුම බෙදාහැරීම, අනුකූලතා තක්සේරුකරණ භාවිතයන් හෝ පහසුකම් බෙදාගැනීම වඩාත් අගය කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 

ඡායාරූපය : 2022 විශිෂ්ට භාවිතයන් සඳහා වූ යුරෝපීය සම්මානය , පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් (වමේ සිට දෙවැන්නා) ESQR හි ප්‍රධාන විධායක මයිකල් හැරිස් වෙතින් 2022 විශිෂ්ට භාවිතයන් සඳහා යුරෝපීය සම්මානය ලබාගත් අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්සලීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.