පීපල්ස් ලීසිං සබරගමුව පළාතේ ශාඛා ජාලය පුළුල් කරයි

    February, 18, 2016

    පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාවක් පසුගියදා පැල්මඩුල්ල නගරයේ අංක 118/1, රත්නපුර පාර, පැල්මඩුල්ල යන ස්ථානයේදී එම සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ මෙම නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට මහජන බැංකුවේ සහකාර කලාප කළමනාකරු ඒ.ජී. නන්දසිරි, පීපල්ස් ලීසිං සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී, ලක්සඳ ගුණවර්ධන හා ජ්‍යෙෂ්ඨ කළමනාකරු, නීල් තුශාන්ත යන මහත්වරු ඇතුළු ගණුුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

    පීපල්ස් ලීසිං සමාගමේ පැල්මඩුල්ල ශාඛාව විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඩී.පී. කුමාරගේ මහතා පැවසුවේ, ‘ජන හද හඳුනන ලීසිං‘ යන්න තේමාව කරගත් අප සමාගම මෙරට ලීසිං සමාගම් අතර ප‍්‍රමුඛතම ලීසිං සමාගමයි. පැල්මඩුල්ල නගරයේ මෙම නව ශාඛාව පිහිටුවූයේ අප සමාගමේ පහසුකම් හා මහජන හිතකාමී මූල්‍ය සේවා අත්දැකීමට පැල්මඩුල්ල අවට ජනතාවට වැඩි අවස්ථාව සලසාදීමටයි. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප‍්‍රකටයි. එහෙයින් ප‍්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනුමට පැල්මඩුල්ල ප‍්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප‍්‍රාර්ථනා කරනවා. යන්නය.

    ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 14 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස පිළිගැනීමකට ලක්වී ඇත. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

    ජායාරූප විස්තරය - (දකුණේ සිට) පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී ඩී.පී. කුමාරගේ, පැල්මඩුල්ල ශාඛාවේ කළමනාකරු එන්.පී. දීයගොඩ සහ මහජන බැංකුවේ සහකාර කලාප කළමනාකරු, ඒ.ජී. නන්දසිරි යන මහත්වරුන් විසින් ශාඛාව විවෘත කළ අයුරු