පීපල්ස් ලීසිං සමාගම එක්වරකදී වැඩිම ශාඛා පරිශ්‍රයන් ප්‍රමාණයක් ජාතික ඵලදායිතා සහතිකකරණයට ලක් කරමින්  වාර්තා අතරට එක් වේ

    May, 29, 2023

    පීපල්ස් ලීසිං සමාගම සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කළ ‘එස් 5 සහතිකකරණය කිරීමේ වැඩසටහන’ යටතේ පීපල්ස් ලීසිං ශාඛා ශාඛා 21 ක් පළමු අදියරයේදී ඵලදායිතා නිර්ණායකයන් අනුව ප්‍රමිතිගතකිරීම පසුගියදා සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමක් විසින් එක් වරකදී වැඩිම ශාඛා පරිශ්‍රයන් ප්‍රමාණයක් ජාතික ඵලදායිතා සහතිකකරණයට ලක් කළ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වීමකි.

    මේ අනුව  පීපල්ස් ලීසිං  ශාඛා ජාලයේ ශාඛා 21ක් 5S ජාතික ප්‍රමිතීන් මත තම සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස සපයන ශාඛා ලෙස පසුගියදා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් නිර්දේශ කෙරුණි.

    මෙම ‘එස් 5 සහතිකකරණය කිරීමේ වැඩසටහන’ යටතේ හැව්ලොක්, මොරටුව, පාර්ක් ස්ටී්‍රට්, කඩවත, නුගේගොඩ, දෙහිවල, හෝමාගම, බත්තරමුල්ල, වත්තල, මහරගම, ගෑන්ඩ්පාස්, කිරිබත්ගොඩ සහ කිරිදිවැල ශාඛාවන්  සහතිකකරණයට ලක් විය.

    මෙම ‘එස් 5 සහතිකකරණය සමගින් ශාඛා කාර්යමණ්ඩලයේ පූර්ණ දායකත්වය සහිතව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් පදනම් කරගත් ක්‍රමානුකූල ආයතනික වැඩ පරිසරයක් පීපල්ස් ලීසිං ශාඛාවල නිර්මාණයවනු ඇත. එමෙන්ම ආයතනික සම්පත් මනා ලෙස කළමණාකරණය කරගැනීමේ හැකියාව හා ප්‍රියමනාප, නිරවුල් ආයතන පරිශ්‍රයක්  පවත්වාගෙන යෑමේ හැකියාව ලැබීම පිළිබඳව මූල්‍ය ක්ෂේත්‍රයට පූර්වාදර්ෂයක් ලබාදීම පීපල්ස් ලීසිං සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

     

    ඡායාරූප විස්තරය - පීපල්ස් ලීසිං ප්‍රධාන කළමණාකාරිණි ප්‍රියංකා විමලසේන මහත්මිය අතින් හැව්ලොක් ශාඛාවේ සහතිකපත එහි කළමනාකාර ඒ. එච් ක්‍රිෂාන්ත මහතා වෙත  පිරිනැමු අවස්ථාව. (වමේ සිට දකුණට) ප්‍රධාන කාර්යාලයේ මධ්‍යම අලෙවි අංශයේ ඵලදායිතා වැඩසටහන භාර නිලධාරී, සනත් මාරසිංහ මහතා, ශාඛා ඵලදායිතා භාර නිලධාරිනි, ටරිනි මනවීර මහත්මිය, ශාඛා දෙවන නිලධාරී, ලලිත් අබේසිංහ, (දකුණේ සිට) ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ පුහුණු නිලධාරී, තරින්ද මාරසිංහ මහතා හා සුගත් බණ්ඩාර දිසානායක මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.