පීපල්ස් ලීසිං සමාගම කොවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනට රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

    July, 27, 2021

    ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොවිඞ්-19 වසංගතයට එරෙහි ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. කොවිඞ් වෛද්‍ය පරීක්ෂණ හා ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන මෙම වෛද්‍ය උපකරණ තෝරාගත් රජයේ රෝහල් කිිහිපයක් වෙත පිරි නැමුණි.

    පීපල්ස් ලීසිං සමාගම විසින් පරිත්‍යාග කළ මෙම වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ උත්සවය ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මාසිලින් යන මහත්වරු සහභාගී වූහ. මෙය පසුගිය මැයි 31දාට යෙඳුණු පීපල්ස් ලීසිං සමාගමේ 25වන සංවත්සරයට සමගාමීව සිදු කරන ලද ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකි.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයට එරෙහිව වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිව ප‍්‍රතිචාර දැක්විය හැකි පීපල්ස් ලීසිං සමාගමේ මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාගයට රෝහල් වාට්ටු හා දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍යවන ජංගම ඡුක්‍ඍ යන්ත‍්‍ර 2ක්, ජංගම වෙන්ටිලේටර යන්ත‍්‍රයක්, හයි ප්ලෝ ඔක්ෂිජන් ප‍්‍රතිකාර ඒකකයක්, මල්ටි පැරා මොනිටර, CPAP/BiPAP යන්ත‍්‍ර, පල්ස් ඔක්සිමීටර, ඉන්ෆියුෂන් හා සිරින්ජ පොම්ප ඇතුළත් විය.

    වසංගතයට එරෙහි කාලීන මැදිහත්වීමක් ලෙස සිදු කළ මෙම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයෙහි වැදගත්කම අවධාරණය කළ ගරු සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කොරොනා වෛරසයෙහි තෙවන රැල්ලෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මෙම අවස්ථාවෙහි කාර්යක්ෂම පරීක්ෂණ හා ප‍්‍රතිකාර සඳහා එය කදිම පිටිවහලක් වන බව ද පැවසුවාය.

    මෙම අවස්ථාවේ දී පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසුවේ පීපල්ස් ලීසිං සමාගම විසින් සිදු කළ මෙම පරිත්‍යාගයන් තුළින් වැඩි ඵලාදායිතාවකින් හා පහසුවකින් යුතුව මෙරට කොවිඞ් වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවා සපයන සෞඛ්‍ය නිලධාරී මණ්ඩල වෙත අප සමාගම දක්වන සහය දැක්වීමක් ලෙසිනි. සමාගමේ 25 වන සංවත්සරයට සමාගාමීව මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ සීමිත සම්පත් සමග කි‍්‍රයාත්මක වන රජයේ රෝහල් විසින් සිදුකළ ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මාසිලින් මහතා පැවසුවේ වසංගතයෙන් පීඩා විඳින කොළඹින් පිටත ප‍්‍රදේශවල රෝහල් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු බවය. තවද අවශ්‍යතා තක්සේරු කිරීමේ සිට ප‍්‍රමිතිගත නිෂ්පාදන සැපයුම්කරුවන් වෙතින් වෛද්‍ය උපකරණ වේගවත්ව සපයා ගැනීමට පහසුකම් සැලසීම දක්වාම මෙම ව්‍යාපෘතියට දැක්වූ ම`ගපෙන්වීමට තමා සෞඛ්‍ය අමාත්‍යංශයට කෘතඥතාව පළකරන බවද ෂමින්ද්‍ර මාසිලින් මහතා පැවසීය.

    ‘වඩාත් අවශ්‍ය වන වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට පීපල්ස් ලීසිං සමාගම ඉදිරිපත්වීම අගය කළ යුත්තක්. එමෙන්ම පසුගිය සති කිහිපය පුරාම කොවිඞ් ආසාදිතයන් වැඩි පිරිසක් දිනපතා වාර්තාවීමෙන් මෙවැනි පරිත්‍යාගවල වැදගත්කම හා අදාලත්වය බොහෝ ඉහළයි.’ යැයි තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයි. ඩබ්. එම්. ජේ. වික‍්‍රමරත්න මහතා පැවසීය.

    කොවිඞ් වසංගත තත්ත්වය ඇරඹුමත් සම`ගම රජය හඳුන්වා දුන් රෝගය පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශ වලට අනුකූලව පීපල්ස් ලීසිං සමාගම දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලයෙහි තුළ සෞඛ්‍යාරක්ෂිත සේවා පහසුකම් සැපයීමට අමතරව කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් දැනුවත්කිරීම්ද සිදු කරයි.

    එමෙන්ම කොවිඞ් පළමු රැල්ලේදීද රෝගීන් කළමනාකරණය ශක්තිමත් කිරීමට පීපල්ස් ලීසිං සමාගම විසින් අධෝරක්ත ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ උපකරණ, රැහන් රහිත වෙද නලා, අධි ධ්වනිත ඉකෝ ස්කෑන් යන්ත‍්‍රයක් හා වෙනත් වෛද්‍ය උපකරණ රජයේ රෝහල් කිහිපයකට සපයනු ලැබීය.

    එයට අමතරව පීපල්ස් ලීසිං සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යංශය සම`ග එක්ව හඳුනාගත් රජයේ පාසල් 21ක කොවිඞ් රෝගයෙන් ආරක්ෂාවීමේ සෞඛ්‍යාරක්ෂක පහසුකම් සංවර්ධනය කරන ලදී. අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගම වසර 2017 දී ඇරඹූ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරාගත් ආර්ථික අපහසුතා වලින් පෙළෙමින් අධ්‍යාපන කටයුතු සිදු කරන සිසු දරුවන් 53කට තම මාර්ගගත අධ්‍යාපන හැදෑරීම්වලට අවශ්‍ය රුපියල් මිලියන 1.2ක් වටිනා ඉලෙක්ට්‍රෝනික උපකරණ පරිත්‍යාග කරන ලදී.

    ශී‍්‍ර ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය හා මූල්‍ය පහසුකම් ක්ෂේත‍්‍ර ප‍්‍රමුඛයා වන පීපල්ස් ලීසිං සමාගම, වසර 25ක් පුරා අගය එක් කළ මූල්‍ය සේවා සැපයීමෙහිලා මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ද වේ. දිවයින පුරා පිහිටි ශාඛා 112ක් හා මනා කැපවීමකින් යුත් කාර්ය මණ්ඩලය සමග පීපල්ස් ලීසිං සමාගම, මෙරට ගනුදෙනුකරුවන් සංතෘප්ත වන ආකාරයේ පුළුල් මුල්‍ය සේවා අත්දැකීම් ලබාදෙන විශ්වාසනීය මූල්‍ය සමාගමකි.