පීපල්ස් ලීසිං සිය මෙට්‍රෝපොලිටන් ශාඛාව වැඩිදියුණු කර නැවත ස්ථානගත කරයි

    December, 2, 2021

    පීපල්ස් ලීසිං සමාගමේ මෙට්‍රෝපොලිටන් ශාඛා අංක 86, වොක්ෂෝල් වීදියල කොළඹ 02 යන ස්ථානයේ නව ශාඛා පරිශ‍්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය.

    මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා විසින් එම නව පරිශ‍්‍රය විවෘත කෙරුණි.

    මෙට්‍රෝපොලිටන් ශාඛාව සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු ප‍්‍රවේශයක් ලබාදෙන අතර, එහි මෙහෙයුම් තුළින්  ‘කාබන් පතුල්’ (Carbon Footprint) සටහන අවමකිරීමට සමාගමේ කැපවීම ශක්තිමත් කරමින් පීපල්ස් ලීසිං ශාඛා ජාලය යටතේ ක‍්‍රියාත්මකවන පළමු හරිත ශාඛාව බවට මෙට්‍රෝපොලිටන් ශාඛාව පත්වනු ඇත.

    පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට උපරිම බැංකු නොවන මූල්‍ය සේවා අත්දැකීමක් ලබාදීමේ දැක්මක් ඇතිව ක‍්‍රියාත්මකවන අතර මූල්‍ය ක්ෂේත‍්‍රයේ නව මිණුම් ලකුණක් තැබීම සඳහා නව තාක්ෂණය, නව්‍ය පහසුකම් සහ සේවාවන් සමඟ ශීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතී. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට නව පරිශ‍්‍රයට පිවිස උසස් අත්දැකීමක් ලබා ගැනීමට ආරාධනා කරයි.

    පීපල්ස් ලීසිං සමාගම යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර රටෙහි විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුල්‍ය ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.