• Ada Derana BIZ Sinhala
  • Invertors
  • sri lanka

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීමට බදු සහන

January, 4, 2023

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කෙරේ. ඒ අනුව එමගින් විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිකුත් කරන ලද 2312/67 ගැසට් නිවේදනය මගින් මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබේ. ඒ අනුව HS කේත අංක 8504.40 යටතේ ආනයනය කරනු ලබන Static converters සහ Invertors මත වන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද  10% සිට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.