පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් SDTI leïmia පිදුම් ලබයි

    September, 4, 2023

    පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේදී SDTI කැම්පස් "Outstanding Education Institute Award with Quality Education & Moral Standards" සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ජාත්‍යන්තර විනිශ්ච මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන විශිෂ්ටම ආයතන සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි.

    2022දී දකුණු ආසියාවේ විශිෂ්ටම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලත් SDT කැම්පස් (www.sdticampus.lk)  වෙතින් අන්තර්ජාතික ISO තත්ත්ව සහතික සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව සහ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන අරමුදල හා අනුබද්ධිතව උසස් අධ්‍යාපන පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, විද්‍යාපති, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවවලින් හැදෑරිය හැකිය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් මෙම උපාධි පාඨමාලා අවම ගාස්තු යටතේ රාජ්‍ය බැංකුවලින් සපයන ණය පහසුකම රැගෙන හා රැකියාවක් කරන අතර තුර හැදෑරීමට ඉඩ සළසා ඇත.

    දිවයින පුරා විහිදී තිබෙන ශාඛා ජාලයක් හරහා සහ දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ පුහුණුව ලැබීමට සිසුන්ට අවස්ථාව ඇත. උපදේශන මනෝ විද්‍යාව, කළමනාකරණ, බැංකුකරණ, ව්‍යාපාර පරිපාලන, ගුරු, හෙද, වෛද්‍ය රසායනාගාර, ෆාමසි, තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු, විලාසිතා, රංගන හා නිවේදන, භාෂා ආදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ උසස් අධ්‍යාපනය න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව හදාරා ඉහළ වෘත්තිය සුදුසුකම් සපුරා ගැනීමට SDTI කැම්පස් අවස්ථාව උදා කර දී තිබේ. “අපේ ඉගැන්වීම් හා පාඨමාලා නිර්මාණය කර තිබෙන්නේ සිසුන්ගේ වෘත්තීය හැකියා හා කුසලතා වර්ධනය වන පරිදි. සිසුන්ගේ නිපුණතා වර්ධනය කිරීමෙන් විරැකියාව තුරන් කිරීමට හා ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීමට විශාල සහයක් ලැබෙනවා.” SDTI කැම්පස් ව්‍යාපාර ප්‍රධානී ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.