පොදු රේගු බන්ධිත ගුදමක අනිවාර්ය අවම ඉඩ ප්‍රමාණයේ වෙනසක්

    March, 5, 2024

    ආනයනික භාණ්ඩ සඳහා අදාළ වන බදු ගෙවීමට හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පූර්වයෙන් භාණ්ඩවල සුරක්ෂිතතාව හා ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා වන ගබඩා පහසුකම රේගු බන්ධිත ගුදමක් ලෙස හඳුන්වනු ලබයි. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනතේ 69 වන වගන්තියෙහි විධිවිධාන යටතේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මුදල් විෂය භාර අමාත්‍යවරයාට රේගු බන්ධිත ගුදම් නියම කිරීම සිදු කළ හැක.
    ගුදම් පහසුකම් තාක්ෂණයන්ගේ ඇති වී තිබෙන දියුණුව සහ සැපයුම් දාම ක්‍රියාවලිය තුළ තරගකාරී වාසිය ඇති කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, පොදු රේගු බන්ධිත ගුදමක අනිවාර්ය අවම ඉඩ ප්‍රමාණය සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත.
    ඒ අනුව, රේගු ආඥාපනතේ 69 වන වගන්තිය යටතේ සකස් කරනු ලැබ ඇති "පොදු රේගු බන්ධිත ගුදම් නියම කිරීම සඳහා වන සං‌ශෝධිත හා යාවත්කාලීන කළ ප්‍රතිපත්ති රාමුව" ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.