February, 8, 2024
ඊයේ (07) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ.
එහිදී,
දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 11.97% සිට 10.96% ක් දක්වා පදනම් අංක 101කින්,
දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 12.20% සිට 11.07% ක් දක්වා පදනම් අංක 113 කින් සහ,
දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 12.00% සිට 10.73% ක් දක්වාපදනම් අංක 127 කින් පහළ ගොස් තිබේ.
2022 මාර්තු 18 දිනෙන් පසු භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් තීරණය වී ඇති අඩුම ඵලදා අනුපාතිකයන් ලෙසින් ඉහත අනුපාතික දැක්විය හැකිය.
Video Story