පෝර්ට් සිටියේ ප්‍රයිම්-මෙල්වා සහ හෝම් ලෑන්ඩ්ස් ව්‍යාපෘති, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කරයි

    May, 5, 2026

    ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 127.6ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 150.0ක් ආයෝජනය කරමින් කොළඹ වරාය නගරය තුළ අති සුඛෝපභෝගී නේවාසික කුලුනක් සහ පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවුන් නේවාසික කුලුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් රැකියා අවස්ථා 1,170ක් පමණ අලුතින් නිර්මාණය වනු ඇත.

    ඒ අනුව, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන පරිදි ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයන් ලෙස නම් කිරීමටත්, එකී ව්‍යාපාර සඳහා පනතේ යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates