පෝලන්ත සංචාරකයින් විශාල පිරිසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට. නව ගුවන්සේවා කිහිපයකුත් ඒ අතර

    December, 6, 2023

    පෝලන්ත සංචාරකයින් රැගෙන තුර්කියේ ඉස්තාන්බුල් සිට ශ්‍රී ලංකාවට ගමන් ගන්නා ගුවන් යානාවලට අමතරව, ඉදිරි කාලයේ දී පෝලන්තයේ වෝර්සෝ සහ අනෙකුත් නගරවල සිට කොළඹ සහ මත්තල දක්වා සෘජු ගුවන්සේවාවන් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

    පෝලන්තයේ ජාතික ගුවන් සේවය වන LOT Polish ගුවන් සේවය සිය 2024 - 2028 උපාය මාර්ගය පසුගිය දා නිල වශයෙන් එළිදැක්වූ අතර එහිදී ආසියාවේ වඩාත් ලාභදායී ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව වෙත පෝලන්තයේ සිට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව LOT Polish Airlines හි වරලත් ගුවන් ගමන් (LOT Charters), SkyUp Airlines ගුවන් සේවය සහ විශාලතම පෝලන්ත වරලත් ගුවන් සේවය වන Enter Air ගුවන් සේවාවන්, ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් හි වර්ධනයක් ඉදිරියේ දී සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. මේ හරහා ශීත සෘතුවේ දී වැඩි පෝලන්ත සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.