ප‍්‍රයිම් සමූහය කන්ද උඩරට ඉදිකළ සුඛෝපභෝගී නිවාස පෙළ උත්සවාකාරයෙන් පාරිභෝගිකයින් අතට

    December, 28, 2021

    ශ‍්‍රී ලංකාවේ විශාලතම හා අංක 01දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, තවත් සුවිශේෂී මෙන්ම ස්වභාවධර්මයේ අනුහස් ලත් සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් ඔබ වෙත ගෙන එමින් සිය නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන Lake Villas, Dambarawa  ව්‍යාපෘතිය නිම කර හය පාරිභෝගිකයින් අතට පත්කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ කන්ද උඩරට අගනගරය වන සුන්දර මහනුවර පුරවරයේ දම්ඹරාව වැවට මායිම්ව ඉදිකළ සුඛෝපභෝගී නිවාස පෙළ වාස්තු විද්‍යාත්මකව ඉදිකරන ලද අද්විතීය නිර්මාණයකි. නිවාස හිමියන් 34 කට ඔවුන්ගේ නව Villa නිවාසයන්හි යතුරු භාර දුන් අතර මෙම අවස්ථාවට සමගාමීව පැවති ප‍්‍රියසම්භාෂණය මෙම සැන්දෑ ව තවත් විචිත‍්‍රවත් කළේය.

    Lake Villas, Dambarawa, මහනුවර නගරයට නුදුරින් පිහිටි අක්කර හයක භූමියක් පුරා පැතිරී ඇති පර්චස් 20 කට වඩා වැඩි බිම් කොටස් තුල මනා ඉඩ කඩ සහිත සුඛෝපභෝගී හා සුන්දර Villa නිවාසයන් 34 කින් සමන්විත වේ.

    ප‍්‍රයිම් සමූහය විසින් සාර්ථකව නිම කරන ලද ව්‍යාපෘතීන් අතරට එක් වූ  අනර්ඝතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන jk Lake Villas, Dambarawa පාරිභෝගිකයන් වෙත පිරිනමන්නේ සාඩම්බරයෙන් මෙන්ම හෘදයාංගමව නැෙඟන සතුටිනි. දැනට ශ‍්‍රී ලංකාව තුල මෙවැනි ඉහළ වට්නාමක් සහිත දේපල සම්බන්ධව ව්ශ්වාසයෙන් යුතුව ගනුදෙණු කළ හැකි මෙන්ම සිය ව්‍යාපෘතීන් වල මුල් ගල් තැබීමේ සිට ඉදිකිරීම් සම්පූර්ණ කර පාරිබෝගියන් අතට පත් කිරීම දක්වා අඛණ්ඩව සේවාව සපයන සමාගම් කිහිපය අතරින් ප‍්‍රමුඛස්ථානයේ රැඳෙන්නට ප‍්‍රයිම් සමූහයට හැකිවී තිබෙන බව පවසන්නේ අතිමහත් ආඩම්බරයෙන්. ව්‍යාපෘති ආරම්භ කිරීමටත් වඩා වැඩි අවධානයක් යොමු කොට විශ්වාසවන්තව සහ අග‍්‍රගණ්‍ය ලෙස නිමවන ලද වට්නා දේපළක් ගැණුම්කරුවන් අතට පත්කිරීමේ මහඟු කාර්යය මනාව සපුරාලීමට ප‍්‍රයිම් සමූහය නිරන්තරයෙන්ම බැඳී සිටිනවා.

    සමාගම ආරම්භ කළ තනි නිවාස ව්‍යාපෘති 29 අතුරින් 50% කටත් වඩා  ඉදිකිරීම් නිමා කිරීම තුලින් අප දිනාගත්  විශ්වාසනීයත්වය සමඟ අපගේ පාරිභෝගිකයන් ප‍්‍රයිම් සන්නාමය නියත වශයෙන්ම සියළු දෙනාටම නිර්දේශ කරන බව නොරහසක්.

    අප සතු අත්දැකීම් සහ ප‍්‍රවීණත්වය සමඟ සංකලනය වූ ඉහළ කැපවීම තුලින් පාරිභෝගිකයන් වෙත අග‍්‍රගණ්‍ය සුඛෝපභෝගී ජීවන රටාවක් ලබා දීමට  ප‍්‍රයිම් සමූහය සමත් වූ බවට මේ සියළු කරුණු සාක්ෂි දරනවා. යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති බ‍්‍රාහ්මණගේ පේ‍්‍රමලාල් මහතා විසින් සඳහන් කරන ලදී.

    සිත් ඇඳගන්නා සුළු ගෘහනිර්මාණ ශිල්පය සමඟින්, තේක්ක සහ මහෝගනී දොරවල්, සම්පුර්ණයෙන්ම සවිකර ඇති මුළුතැන්ගෙය සහ නාන කාමර, වායු සමීකරණ සහ දැව පඩිපෙළ ඇතුළත් සෑම 'Lake Villas' නිවසක්ම සුඛෝපභෝගී අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත සමීප කරනු ඇතග ඊට අමතරව ආරක්ෂිත, දොරටු සහිතව සහ එහි පදිංචිකරුවන්ගේ එදිනෙදා අත්දැකීම් නංවාලීම සඳහා විවිධාකාර වූ පහසුකම් ද සලසනු ලබයි. මෙය පැය 24 පුරා ආරක්ෂාව, පිහිනුම් තටාකය, ව්‍යායාම ශාලාව, මනරම් ඇවිදීමේ මංතීරු, ප්‍රජා ශාලාව, ළමා ක‍්‍රීඩා පිටියක් මෙන්ම අඩි 40ක් පළල විල් රක්ෂිත උද්‍යානයකින් ද සමන්විත වීම විශේෂත්වයකි.

    මෙය ප‍්‍රයිම් සමූහයේ මහනුවර ප‍්‍රදේශයේ දී සාර්ථකවත්වට පත් කරගත්  ප‍්‍රථම නිවාස ව්‍යාපෘතිය වන අතර දිගන - Scottish Island සුඛෝපභෝගී ව්‍යාපෘතිය නිවාස 28ක  සුවිශේෂී එකතුවෙහි අනුකරණයකි. වික්ටෝරියා විලෙහි පෞරාණික සුන්දරත්වයට ඉහළින් මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති දිගන - Scottish Island, ස්කොට්ලන්තයේ කඳුකර නිවාසයන් හි ගෘහ නිර්මාණ ශිල්පයෙන් ආභාෂය ලබා ඇති අතර මහනුවර සිසිල් දේශගුණයට ගැලපෙන පරිදි අද්විතීය ලෙස නිර්මාණය කර ඇත. එහි නිදන කාමර තුන සහ හතරේ සුඛෝපභෝගී Villa නිවාසයන් වෙන්කරවා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට තවමත් අවස්ථාව ඇත.