බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

    March, 2, 2016

    ලෝකයේ බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ජර්මනියට

    පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක් වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකරන ලද විශේලේෂණයක් එළිදක්වා තිබේ. මෙහිදී වීසා ලබා ගැනීමකින් තොරව ඉතා පහසුවෙන් තවත් රටකට ඇතුලු වීමේ හැකියාව යන කරුණ මත එක් එක් රටවල් හි ගුවන්ගමන් බලපත්‍ර වර්ගීකරණය කොට තිබේ.

    මෙම ඇගයීමට අනුව ලොව බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් පිළිගෙන ඇත්තේ ජර්මන් ගුවන්ගමන් බලපත්‍රය යි. රාජ්‍යයන් 218 ක් අතුරින් 177 කටම පූර්ව වීසා අයදුම්කිරීමකින් ඉතා පහසුවෙන් ජර්මානු ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට ඇතුල්විය හැකි බව මෙම අධ්‍යයනය මගින් හෙළි වී තිබේ.

    මෙහි දෙවන තැන ස්වීඩනයට හිමිව තිබෙන අතර ස්වීඩන ගුවන්ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 176 කට අපහසුවකින් තොරව ඇතුල් විය හැකි බව මින් අනාවරණය වී ඇත.

    ලොව බලසම්පන්න බව අතින් ඉදිරියෙන්ම පසුවන සෙසු රටවල් සහ අදාළ ගුවන්ගමන් බලපත්‍රවලින් පිවිසිය හැකි රටවල් පහත පරිදි වේ.
    3. ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය - රටවල් 175
    4. බෙල්ජියම, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, එක්සත් ජනපදය - රටවල් 174
    5. ඕස්ට්‍රියාව, ජපානය, සිංගපූරුව - රටවල් 173
    6. කැනඩාව, අයර්ලන්තය, දකුණු කොරියාව, ලක්සම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය - රටවල් 172
    7. ග්‍රීසිය, නවසීලන්තය - රටවල් 171
    8. ඕස්ට්‍රේලියාව - රටවල් 169
    9. මෝල්ටා - රටවල් - 168
    10. හංගේරියාව, චෙක් ජනරජය, අයිස්ලන්තය - රටවල් 167

    මෙම වර්ගීකරණයේ අඩුම බලයක් ඇති ගුවන්ගමන් බලපත්‍රය ලෙසින් නම් කර ඇත්තේ ඇෆ්ගනිස්තානු ගුවන්ගමන් බලපතයි. එමඟින් වීසා ලබා ගැනීමකින් තොරව පහසුවෙන් ඇතුලත් විය හැකි රටවල් ගණන 25 ක් ලෙසින් හඳුනාගෙන තිබේ.

    බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර ලැයිස්තුවේ 9 වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් විය හැකි බව මෙමඟින් අනාවරණය වී තිබේ.

    බලසම්පන්න බවින් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය පහත පරිදි වේ.
    1. ඇෆ්ගනිස්ථානය - රටවල් 25
    2. පාකිස්ථානය - රටවල් 29
    3. ඉරාකය - රටවල් 30
    4. සෝමාලියාව - රටවල් 31
    5. සිරියාව - රටවල් 32
    6. ලිබියාව - රටවල් 36
    7. එරිත්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, නේපාලය, පලස්තීනය, සුඩානය - රටවල් 37
    8. කොසෝවෝ, දකුණු සුඩානය, යේමනය - රටවල් 39
    9. බංග්ලාදේශය, කොංගෝ, ලෙබනනය, ශ්‍රී ලංකාව - රටවල් 39
    10. බුරුණ්ඩු, උතුරු කොරියාව, මියන්මාරය - රටවල් 42