බ්‍රිටිෂ් එයාර්වේස් කොළඹ ගමන අත්හරී

    September, 24, 2014

    කොළඹ සහ ලන්ඩනය අතර බ්‍රිටිෂ් එයාර්වේස් විසින් සිදුකරන ගුවන් ගමන් ලබන වසරේ මාර්තු 28 වනදා සිට නතර කිරීමට සමාගම තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ මෙම ගමනාන්තය ලාභදායී නොවන නිසා මෙම තීරණය ගත් බවයි.

    මේ නිසා, එය පවත්වාගෙන යාමට නොහැකි බව සමාගම සඳහන් කරයි.

    මෙම තීරණයත් සමග ලන්ඩනය සහ කොළඹ අතර ගමන් කිරීමට ටිකට් පත් වෙන්කර ගත් ගනුදෙනු කරුවන්ට එම මුදල් ආපසු ගෙවීමට සමාගම කටයුතු කරනු ඇත.