බැංකු ඒකාබද්ධ කිරීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් අත උස්සයි

    February, 10, 2014

    බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් අදහස් දක්වා තිබේ.

    මේ අනුව, ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ මෙම ක්‍රියාදාමයේ කෙටි කාලීන අවධානම් තිබුණත් දිගුකාලීනව සලකා බලන විට මෙය මෙරට බැංකු ක්‍රමයට වඩා යහපත් බවයි.

    ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය වර්ගීකරණ ආයතනයේ ණය විශ්ලේෂක, දීපාලි සෙත්- චබ්‍රියා පුරෝකතනය කරන පරිදි මෙම ඒකාබද්ධ කිරීම නිසා දිගුකාලීනව විශාල හා ශක්තිමත් බැංකු ගොඩනගා ගැනීමට ලංකාවට අවස්ථාව ලැබේ.