බැංකු සමාගම් වෙත ආයෝජක උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 3 පනී

    April, 4, 2024

    අද (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 73.59 කින් ඉහළ ගොස් ඒකක 11,698.49 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 44.04 කින් ඉහළ ගොස් ඒකක 3,437.32 ක් ලෙසත් සටහන් වී තිබුණි.

    අද සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ NDB යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වන ලදී.

    මේ අතර අද දින රු. බිලියන 3.16 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම කැපී පෙනෙන කාරණයක් විය. එහිදී සාමාන්‍ය දෛනික ගනුදෙනු හරහා සම්පත් බැංකුව (රු. මිලියන 285), හැටන් නැෂනල් බැංකුව ( රු. මිලියන 247), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 166) සහ DFCC බැංකුව (රු. මිලියන 103) දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුනි.

    සමාගම් 4 ක ගිවිසාගනු ලැබූ ගනුදෙනු වාර්තා විය. එහිදී මෙල්ස්ටාකෝප් රු. මිලියන 315 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 169.47 ක්, සම්පත් බැංකුව රු. මිලියන 118 ක් සහ CIC රු. මිලියන 34.29 ක් ලෙසින් දෛනික පිරිවැටුමට දායක වී තිබුණි.