බිම්පුත් සමාගමේ සල්ලි දාපු අයට වෙන දේ මෙන්න

    October, 30, 2023

    මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා පියවර ගත්තේය.

    ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසිවල ප්‍රතිපාදනයන්ට අනුකූලව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කරන ලද තැන්පතු සඳහා රක්ෂණ වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    මේ සම්බන්ධයෙන් බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.