බිල් පොලිය ඉහළට

    June, 20, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව එක් එක් කල්පීරීමේ කාලයන්ට අදාළව දින 91 - පදනම් අංක 50 කින්, දින 182 - පදනම් අංක 51 කින් හා දින 364 පදනම් අංක 36 කින් යනා දී වශයෙන් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි වැඩි වීමක් සිදුව ඇත.

    මෙම වෙන්දේසිය සඳහා රු. බිලියන 230 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රු. බිලියන 329.67 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

    වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. බිලියන 230 ක ලංසු පිළිගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහිදී කටයුතු කර තිබුණි.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.