මගීන් 2,300ක් සමඟින් කොළඹට ආ දැවැන්තයා

    November, 14, 2023

    Virgin Voyages සමාගම විසින් මෙහෙයවනු ලබන RESILIENT LADY අතිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ (13) දිනයේ දී කොළඹ වරායට සේන්දු වන ලදී.

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණි, අඩි 909 ක දිගකින් යුතු මෙම සුඛෝපභෝගී නෞකාවෙන් මගීන් 2,318 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1.194 ක් පැමිණ තිබේ.

    ඉන්දියාවේ Goa සිට පැමිණි RESILIENT LADY නෞකාවේ මීළඟ ගමනාන්තය තායිලන්තයේ Phuket වේ.

    Mackinnon Mackenzie Shipping (Pvt) Ltd සමාගම මෙම නෞකාවේ දේශීය වරාය නියෝජිතයා ලෙස කටයුතු කරන අතර මෙම නෞකාව කොළඹ නැංගුරම්ලා සිටින කාලය තුළ එහි පැමිණි මගීන් මට මෙරට චාරිකා සඳහා දේශීය නියෝජිතයා ලෙසින් කටයුතු කරනු ලබයි.