මගීන් 900 ක් සමඟින් අතිසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

    November, 18, 2022

    මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ ආයතනයක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් හි කළමනාකරණයෙන්, එක්සත් ජනපදයේ සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘Viking Mars’  අද (18) දිනයේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.

    මෙය අද සහ හෙට දෙදින තුළ කොළඹ වරායෙහි නැංගුරම්ලා සිටිනු ඇත.

    කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු ශීත සෘතු මගී නෞකාව මෙය වේ.

    මෙම නෞකාවෙන් පැමිණි මගීන් අද සහ හෙට දෙදින තුළ කොළඹ, මහනුවර, පින්නවල, ගාල්ල යන නගර වල සංචාරය කිරීමට නියමිත අතර මුතුරාජවෙල සහ මාදු ගඟෙහි බෝට්ටු සවාරිවලට ද එක්වනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ නලින් ජයසුන්දර මහතා මෙසේ කියා සිටියේය.

    “මෙම නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා අපගේ ජවසම්පන්න කාර්ය මණ්ඩලය පසුගිය මාස 12 තුළ දී දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළා. සාමාන්‍යයෙන් නෞකාවක ගමනාන්ත මාස 24කට පමණ පෙර සිට ස්ථිර කර සිටිනවා. මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලබාදුන් සහයෝගය අප අගය කර සිටිනවා.“

     

     

    Video Story

    Stock Market

    Exchange Rates