මන්චි දායකත්වයෙන් ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සවිබල ගැන්වේ

    May, 23, 2016

    සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) හි ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පාසල් මට්ටමින් මෙරට ක‍්‍රීඩාව නංවාලීමට ලබාදෙන දායකත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් පළමුවරට ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් සම අනුග‍්‍රාහක දායකත්වය ලබාදී ඇත.

    1872 දී ඇරඹුණු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය රග්බි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් අද්විතීය ඉතිහාසයකට හිමිකම් කියයි. මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන මන්චි පාසල් මට්ටමින් මෙරට ක‍්‍රීඩාව නංවාලීමට ලබාදෙන සහය මෙම සම අනුග‍්‍රාහක දායකත්වය තුළින් තවදුරටත් පිළිබිඹු වෙයි. ඒ අනුව 2016 රග්බි තරගවාරයේදී සිට ඉදිරියට මන්චි, ත‍්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් සම අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව සිටියි.

    ''රග්බි ක‍්‍රීඩාවේ නිරත වන මෙරට පාසල් අතර අද්විතීය ස්ථානයක් ත‍්‍රිත්ව විද්‍යාලයට හිමිවවෙනවා. ඒ නිසාම 2016 රග්බි තරගවාරයේදී ත‍්‍රිත්ව කණ්ඩායමට සම අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්. ශ‍්‍රී ලංකාවේ අංක එකේ බිස්කට් සන්නාමය වන මන්චි, ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක‍්‍රීඩා උරුමය මෙන්ම පාසල් රග්බි ක‍්‍රීඩාව සවිබල ගැන්වීමට අඛණ්ඩ සහයෝගය ලබාදීමට අපේක්ෂා කරනවා.'' සිය අනුග‍්‍රාහක දායකත්වය පිළිබඳ පැහැදිලි කරමින් සිලෝන් බිස්කට්ස් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී - අලෙවි, තේජා පීරිස් මහත්මිය පැවසුවාය.

    ''ත‍්‍රිත්ව රග්බි කණ්ඩායම වෙනුවෙන් අප ලබාදෙන දායකත්වය හුදෙක් මූල්‍ය සහයක් ලබාදීමක් පමණක් නොවෙයි. මන්චි වෙතින් ත‍්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන මෙම සම අනුග‍්‍රාහක දායකත්වය දිගුකල් පවතින සබැඳියාවක ආරම්භක පියවර ද වන බව නිසැකයි. මන්චි අනුග‍්‍රාහක දායකත්වයෙන් ඔබ්බට ගොස් තවදුරටත් මෙරට තරුණ පිරිස් ක‍්‍රීඩාව වෙත යොමුකිරීමට හැකිවීම තුළින් අපට ද සුවිශේෂී ගෞරවයක් හිමිවෙනවා.'' මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පැවසුවාය.

    ත‍්‍රිත්ව විද්‍යාලයේ සෑම වයස් කණ්ඩායමකම රග්බි ක‍්‍රීඩාව කළමනාකරණයේ නියුතු, රොහාන් අබේකෝන් මහතාගේ සභාපතීත්වයෙන් යුතු ආදි ත‍්‍රිත්ව රග්බි සංගමය (OTRS) මන්චි මගින් ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී සහයෝගය වෙනුවෙන් සිය විශේෂ ස්තුතිය පුදකළේය.

    ''නිරන්තරයෙන් තරුණ ක‍්‍රීඩා තරු වල දක්ෂතා ඔප් නංවාලීමට පිටුබලයක් වන මන්චි පාසල් මට්ටමේ ක‍්‍රීඩාවන් රාශියක් නංවාලීමට සිය සුවිශේෂී දායකත්වය ලබාදෙනවා. ශ‍්‍රී ලංකාවේ අංක එකේ බිස්කට් සන්නාමය වන මන්චි මෙවර ත‍්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම වෙනුවෙන් සම අනුග‍්‍රාහක දායකත්වය ලබාදීම අපට හිමිවූ මහත් ගෞරවයක් වන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට අපගේ හදපිරි ස්තුතිය පුදකරනවා. මන්චි ඉදිරියටත් අප සමග අත්වැල් බැඳගෙන සිටිනු ඇති බවට අප විශ්වාස කරනවා.'' වැඩිදුරටත් අදහස් දැක්වූ රොහාන් අබේකෝන් මහතා පැවසුවේය.

    සේයා රූ සටහන - සිලෝන් බිස්කට්ස් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී - අලෙවි, තේජා පීරිස් මහත්මිය විසින් ත‍්‍රිත්ව විද්‍යාලයේ උප විදුහල්පති ටී. බී. ජෙගනාතන් මහතාට නිළ වශයෙන් සම අනුග‍්‍රාහක දායකත්වය ප‍්‍රදානය කරන අයුරු, ආදි ත‍්‍රිත්ව රග්බි සංගමයේ සාමාජිකයින් හා ත‍්‍රිත්ව විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකත්වය දරන රාහුල් කරුණාතිලක ද පසෙකින් සිටියි