February, 13, 2024
කෘතීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023-10-02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘතීම බුද්ධියට අදාළව ජාතික උපයමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දීම සුදුසු බවට තීරණය කරන ලදි.
ඒ අනුව අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංශයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වා දීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එකී නියමු ව්‍යාපෘතිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහය ඇතිව පහත සඳහන් අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story