මරුටි 800 ඉවරයි

    February, 9, 2014

    සුප්‍රසිද්ධ මරුටි 800 කුඩා මෝටර් රථය නිෂ්පාදනය නතර කළබව ඉන්දියාවේ මරුටි සුසුකි මෝටර් රථ සමාගම කියයි. මෙම මෝටර් රථය 1983 වසරේ සිට නිෂ්පාදනය කරන අතර සමාගම විසින් මේ වනවිට මරුටි 800 මෝටර් රථ මිලියන 2.9 ක් පමණ ලොව පුරා අලෙවි කර තිබේ.

    මේ වනවිට, පාරිභෝගිකයින් මෙම මෝටර් රථයට වඩා නවීන මෝටර් රථ සොයමින් සිටින නිසා එහි අලෙවිය අඩුවී තිබෙන බව සමාගමේ නිළධාරීන් විසින් ප්‍රකාශ කර ඇත.

    සමාගම පවසා තිබෙන්නේ මෙම මෝටර් රථය නිෂ්පාදනය කිරීම නතර කළත් අමතර කොටස් ඉදිරි වසර 10 තුළ නිපදවන බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates