මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්

    June, 24, 2024

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත,  ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද  සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා 2024 ජූනි 24 වන දා සිට ද නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත.