October, 4, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (04) දින පස්වරුවේ දී රැස්වීමට නියමිතව තිබේ.
2023 වසරේ අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා මෙලෙස මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වනු ඇත. මුදල් ප්‍රතිපත්ති විවරණ තීරණය වෙනුවෙන් අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි.
මෑතක දී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පිහිටුවනු ලැබූ අතර ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයෙහි සාමාජිකයන් අලුතෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි ද සාමාජිකයන් වනු ඇත.
එනම්,
(අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (සභාපති)
(ආ) ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
(ඇ) නිහාල් ෆොන්සේකා මහතා (මින් පෙර මුදල් මණ්ඩලයෙහි ද සාමාජික)
(ඈ) ආචාර්ය රවී රත්නායක
(ඉ) අනුෂ්ක විජේසිංහ මහතා.
මීට අමතරව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය සහ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.
2023 වසරේ අංක 07 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (05) පෙරවරුවේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Video Story