මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

    March, 25, 2024

    බලපත්‍ර අවලංගු කරන ලද/ බලපත්‍ර අත්හිටුවන ලද ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන සමාගම්වල තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් සිදුකර තිබේ.

    බලපත්‍ර අවලංගු කර හෝ බලපත්‍ර අත්හිටුවා වර්ෂ 4ක් සම්පූර්ණ වී ඇති ඉහත සමාගම්වල මුදල් තැන්පත්කර ඇති සුදුසුකම්ලත් තැන්පත්කරුවන්/ අදාළ තැන්පත්කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම අවසන් වන දිනය සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.